-1 C
New York

රන්ජන් නිදහස් කිරීමට රනිල් සූදානම්

Published:

රන්ජන් රාමනායකට නිදහස ලබාදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයාබලන්න යැයි අගමැති රනිල් වික්‍රමසිංහ විසින් උපදෙස් දී තිබේ.

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායකට සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට අගමැතිවරයා මේ බව දැනුම් දී ඇත.

ඊයේ (01) සාගල රත්නායක වැලිකඩ බන්ධනාගාරයට ගොස් රන්ජන් රාමනායක හමුවී ඇත. තමන් මේ දිනවල උපාධියට සූදානම් වනබැවින් ලබා දී තිබූ ලැප්ටොප් යන්ත්‍රය නැවත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ගිය බවත් රන්ජන් රාමනායක අග්‍රාමාත්‍ය ලේකම්වරයාට සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානිට දැනුම් දී ඇත. එම ගැටලුව සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් සමඟ සාකච්ඡා කළ විට බන්ධනාගාරය විසින් අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් රන්ජන් රාමනායකට ලබාදෙන බව ද දැනුම් දී ඇත.

Related articles

Recent articles

spot_img