-2.5 C
New York

නෝර්වේ වීසා ලොතරැයි කතාව බොරුවක්. රැවටෙන්න එපා

Published:

නෝර්වේ රාජ්‍යයට සංක්‍රමණය වීමට කැමති විදේශිකයන් සඳහා ලොතරැයි ක්‍රමයක් ආරම්භ කර ඇතැයි මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ප්‍රචාරය අසත්‍යයක් බව අප සිදුකළ සොයාබැලීමක දී අනාවරණය විය.

නෝර්වේ හි පදිංචිවීමට, අධ්‍යාපන කටයුතුවල නිරතවීමට නෝරිවීජියානු වීසා ‍ලොතරැයියක් ඔන්ලයින් ක්‍රමයට අයදුම්කරන ලෙස එහි දැක්වෙයි. මේ ව්‍යාජ තොරතුරුවල දැක්වෙන්නේ ලෝකය පුරා සිටින පුද්ගලයන් 45,000කට නෝර්වේ රාජ්‍යයේ ස්ථිර සහ නීත්‍යානුකූල පදිංචියට අවස්ථාවක් ලබාදෙන බවයි.

ඒ සඳහා උනන්දුවක් දක්වන අයට ඉදිරිපත් වීමට අවස්ථාවව ඇති බව ද සඳහන් කර ඇත.

මේ පිළිබඳ සොයා බැලීමේ දී නෝර්වේ තානාපති කාර්යාලය කියා සිටියේ එවැනි වීසා ලොතරැයි ක්‍රමයක් එරට ආරම්භ කර නැති බවයි.

Related articles

Recent articles

spot_img