-2.5 C
New York

කැන්ගරුවෝ එති

Published:

ක්‍රිකට් තරඟාවලියක් සඳහා ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම ඊයේ (01) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ තිබේ.

ඔවුන් කොටස් වශයෙන් ගුවන් යානා තුනකින් මෙරටට පැමිණියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් කිහිප දෙනකු ද ඔවුන් පිළිගැනීම සඳහා එහි ගොස් තිබිණි.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් 21 දෙනකු මෙලෙස පැමිණ ඇති අතර ඔවුන් ශ්‍රී ලංකාව තුළ මාස එකහමාරක කාලයක් රැඳී සිටීමට නියමිතය.

ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ‍ටෙස්ට් තරඟ 02ක්, එක්දින සීමිත ඕවර තරඟ 03ක් සහ විස්සයි 20 තරඟ 03ක් පැවැත්වීමට නියමිතය.

දෙරට අතර තරගාවලියේ මූලික තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේත්, පසුව පල්ලකැලේ සහ ගාල්ල යන අන්තර්ජාතික ක්‍රීඩාංගණවලදීත් පැවැත්වෙනු ඇත.

ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය: පැට් කමින්ස් (නායක), ඇෂ්ටන් ඒගාර්, ස්කොට් බෝලන්ඩ්, ඇලෙක්ස් කේරි, කැමරන් ග්‍රීන්, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, උස්මාන් කවාජා, මාර්නස් ලැබුස්චේන්, නේතන් ලයන්, මිචෙල් මාෂ්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාර්ක් ,මිචෙල් ස්වෙප්සන්, ඩේවිඩ් වෝනර්.

ඕස්ට්‍රේලියානු එක්දින සංචිතය: ඇරන් ෆින්චි, ඇෂ්ටන් ඒ්ගාර්, ඇලෙක්ස් කේරි, පැට් කමින්ස්, කැමරන් වයිට්, ජොස් හැස්ල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොස් ඉන්ග්ලිෂ්, මාර්නස් ලබුස්චේන්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාර්ක්, මාකස් ස්ටොයිනිස්, මිචෙල් ස්වෙප්සන්, ඩේවිඩ් වෝනර්.

ඕස්ට්‍රේලියානු විස්සයි-20 සංචිතය: ඇරන් ෆින්ච් (නායක), ෂෝන් ඇබොට්, ඇෂ්ටන් ඒ්ගර්, ජොෂ් හැස්ල්වුඩ්, ජොෂ් ඉන්ග්ලිස්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, ජායි රිචර්ඩ්ස්, කේන් රිචර්ඩ්සන්, ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටාර්ක්, මාර්කස් ස්ටොයිනිස්, මිචෙල් සෙව්සන්, ඩේවිඩ් වෝනර්, මැතිව් වේඩ්.

Related articles

Recent articles

spot_img