-4.8 C
New York

අටලුගම දැරිය මියගියේ පොලිසියේ වරදින් ද ?

Published:

අටලුගම දැරියගේ ඝාතකයා යැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (01) පානදුර අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔහු මහේස්ත්‍රාත්වරයා හමුවේ රහස් ප්‍රකාශයක් සිදුකර තිබේ.

ඔහු වෙනුවෙන් අද කිසිදු නීතිඥයකු පෙනී සිටියේ නැත.

අධිකරණයේ දී ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔහු ලබන 09 වැනි දා දක්වා රිමාන්ඩ් කළේය.

මේ අතර අටලුගම පදිංචි පෙර පාසල් ගුරුවරියක් පවසන්නේ මීට පෙර දිනක එම සැකකරු තම නිවසට ඇතුළලු වී තමන්ට අතවරයක් කිරීමට තැත්කළ බවයි. එ් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ ද පොලිසිය එදා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව ද ඇය චෝදනා කරයි.

ඇය වැඩිදුරටත් කියා සිටියේ තමන් දරුවන් දෙදෙනා සමඟ නිවසේ නිදා සිටිය දී කිසියම් අයකු තමන කට තද කරනු දැනී අවදි වූ බවයි. ඒ අවස්ථාවේ දි මෙම සැකකරු කඹයක් ගෙන තමන් ගැටගැසීමට උත්සාහ ගත් බවත් කෑ ගසන විට පලාගිය බවත් ඇය කියන්නීය.

ඇය චෝදනා කරන්නේ එදා තමන් එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ අවස්ථාවේ පොලිසිය නිසි ක්‍රියාමාර්ග ගත්තේ නම් මේ දැරිය ඝාතනය නොවන බවයි.

දැනට අත්අඩංගුවේ පසුවන සැකකරු පොලිසියට කරන ලද පාපොච්ඡාරණයේ දී පවසා ඇත්තේ එම දැරිය රැගෙන ගොස් අතවර කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ දී දැරියගේ කෑ ගැසීම නිසා බියට පත්ව ඇය ජලයේ ඔබා ඝාතනය කළ බවයි.

Related articles

Recent articles

spot_img