-5.2 C
New York

අටලුගම දැරිය ඝාතනයේ සාක්ෂිි රැසක් විනාශ කරලා

Published:

ඝාතනයට ලක්වූ, බණ්ඩාරගම අටලුගම පදිංචි 09 හැවිරිදි දැරියගේ මරණයට වගකිවයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා තිබූ වටිනා සාක්ෂි රැසක් විනාශ කර දමා ඇතැයි පොලිසිය පවසයි.

කිසියම් පුද්ගලයකු විසින් අයේෂා දැරිය ඝාතනය කර මඩ වගුරට ගෙනවිත් වළලා දමන්නට ඇති බවත් එම සිරුරු දුට අවස්ථාවේ දී විවිධ දිශාවන්ගෙන් අති විශාල පිරිසක් මළ සිරුර දැකගැනීමට එම ස්ථානයට පැමිණීම හේතුවෙන් මෙලෙස සාක්ෂි විනාශ වී ඇති බවත් පොලිසියේ උසස් නිලධාරියකු කීවේය.

මළ සිරුර දැකීමත් සමඟ එතැනට පැමිණෙන පිරිස්වලට පහසුකම් සැපයීමට තවත් පිරිසක් කැලෑවේ ගස් කපමින් පිරිසිදු කර ඇති බවත් එම සිරුර වැළලූ පුද්ගලයා එම ස්ථානය අවට තැබූ සියලු සාක්ෂි මේ හේතුවෙන් විනාශ වී යාම අපරාධයේ සුළ මුළ සොයා ගැනීමට බාධාවක් බවත් පරීක්ෂකවරු කියති.

මේ නිසා ස්ථානීය සාක්ෂි විනාශ වී ඇති තත්වයක් තුළ අපරාධකරුවන් හෙළිකරගැනීමට මළ සිරුරෙන් ලැබෙන ජෛව විද්‍යාත්මක සාක්ෂි සහ වෙනත් සාක්ෂි භාවිතා කිරීමට සිදුව ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img