කොරෝනා ආසාදිත පුද්ගලයකුගෙන් නිරෝගී පුද්ගලයකුට කොරෝනා ආසාදනය වීමට ගතවන්නේ විනාඩියකටත් අඩු කාලයක් බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථානය පවසයි.
ඔවුන් කොවිඩ්-19 සම්බන්ධ තම මාර්ගෝපදේශ සංග්‍රහය යාවත්කාලීන කරමින් මේ බව නිවේදනය කර තිබේ.
මීට පෙර එම ආයතනය ම කියා තිබුණේ නිරෝගී පුද්ගලයකු ආසාදිත පුද්ගලයකු සමඟ අඩි 06ක පරතරයකින් විනාඩි 15ක් පමණ කාලයක් ගත කර ඇත්නම් එම නිරෝගී පුද්ගලයා ද නිරදායනය කළ යුතු බවයි.
එසේ වුව ද නව මාර්ගෝපදේශ හඳුන්වාදෙමින් ඇමෙරිකාවේ රෝග පාලනය හා වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථානය පවසන්නේ ආසාදිතයකු හා නිරෝගී පුද්ගලයකු අතර සබඳතාවක් පැවැති කාලය පිළිබඳ සැළකිලිමත්වීම කිසිසේත්ම අදාල නොවන කරුණක් බවයි.