spot_img
spot_imgspot_img

21ට විරුද්ධ වී, ගමට ආවොත් ප්‍රශ්න ඇතිවේවි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදයට ප්‍රධාන හේතුවක් වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පවුලට දැවැන්ත බලයක් හිමිවීම යැයි සමාජයේ පිළිගැනීමක් ඇති බැවින් 21 වැනි සංශෝධනය සම්මත කරගැනීම අත්‍යාවශ්‍ය කරුණක් බව ඕමල්පේ සෝභිත හිමියෝ කයති.

පාර්ලිමේන්තුවේ සිටින 225ම එපා යැයි කියමින් අරගලය ඇරඹූ ජනතාව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දැඩි අපෙක්ෂාවකින් සිටින බැවින් එය සම්මත කිරීම පාර්ලිමේන්තුවේ සිටින ජනතා නියෝජිතයන්ගේ වගකීම බව හිමයෝ පෙන්වා දෙති.

එබැවින් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය නොදුනහොත් එවැනි මැති ඇමතිවරුන්ට ජනතාවගේ දරුණු ප්‍රතික්‍රියාවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද නාහිමියෝ කීහ.

21ට ඡන්දය නොදී ගමට එන්න එපා යැයි ජන මතයක් සමාජයේ ඇති බැවින් තවදුරටත් රටේ සාමකාමී තත්වය ආරක්ෂා කිරීම සඳහා 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ දී හොඳින් සාකච්ඡා කර අවශ්‍ය වෙනස්කම් සිදුකර සම්මත කරගැනීම අවශ්‍ය බව ද සෝභිත හිමියෝ සඳහන් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!