-0.1 C
New York

බෝට්ටුවක් පෙරැළී 26ක් අතුරුදන්

Published:

ඉන්දුනීසියාවේ සුලවේසි දූපත ආසන්න මුහුදේදී පුද්ගලයින් 43 දෙනෙකු රැගත් බෝට්ටුවක් පෙරැළීමෙන් අතුරුදන් වූ පුද්ගලයින් 26 දෙනෙකු සොයා මෙහෙයුම් සිදුකරන බව එරට සෝදිසි සහ ගලවා ගැනීමේ ඒජන්සිය පවසයි.

බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ දකුණු සුලවේසි පළාතේ අගනුවර වන මකසාර් හි පඕටේරේ වරායෙන් පිටත් වූ මෝටර් බෝට්ටුව ගමනාන්තයට පැමිණීමට අපොහොසත් වී ඇති බවත් පසුව අතුරුදන් වී ඇති බවත් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.

බලධාරින් පැවසුවේ ඉන්ධන හිඟය සහ අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි. “දැනට සෝදිසි කරන ප්‍රදේශයේ බෝට්ටුව ගිලී ඇති බවට අපට තහවුරුවී තිබෙනවා, අනතුර සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ ටග් යාත්‍රා කිහිපයක් මගින් 17 දෙනකු ගලවාගත් බවට අපිට තොරතුරු ලැබුනා.”

ඉන්දුනීසියාවේ කාලගුණ ඒජන්සිය බ්‍රහස්පතින්දා අනතුරු අඟවා තිබුණේ මකසාර් සමුද්‍ර සන්ධි ප්‍රදේශවල මීටර් 2.5 (අඩි 8) දක්වා රළ ඇති වන අතර එය ආරක්ෂාව සම්බන්දව අවදානම් බවයි.

https://www.reuters.com/world/asia-pacific/indonesia-rescuers-search-26-after-boat-capsizes-2022-05-28/

Related articles

Recent articles

spot_img