-5.9 C
New York

ඝාතනය වූ දැරියගේ පියාගෙන් ප්‍රශ්න කරයි. පොලිස් සුනඛයා ඉව ඔස්සේ යයි

Published:

අටලුගම පදිංචිව සිටි 09 හැවිරිදි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ඇගේ පියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්නකරන බව පොලිසිය පවසයි.

ෆාතිමා අයේෂා දැරිය ඊයේ (27) උදෑසන 10.00 ට පමණ නිවස අසළ වෙළෙඳ සැළකට කුකුළුමස් ගෙන ඒම සඳහා ගිය පසු නැවත නිවසට පැමිණ තිබුණේ නැත. අද (28) දහවල් ඇගේ මළ සිරුර නිවස ආසන්නයේ වගුරු බිමක තිබී සොයා ගැණිනි.

මෙම දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේ පදිංචි ඇගේ සමීපතම ඥාතියෙකු සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි.

මියගිය දැරිය අතුරුදන්වීමට පෙර දින රාත්‍රී හැඳ සිටිි ඇඳුම හොරණ පොලිසියේ නිල සුනඛයට ඉව කිරීමට දීමෙන් අනතුරු එම පොලිස් සුනඛයා ඇය කුකුළුමස් මිල දී ගැනීමට වෙළෙඳ සැළ අසළට ගොස් නැවතී ඇත.

බණ්ඩාරගම පොලිසිය, පානදුර අපරාධ විමර්ශන අංශය සහ බුද්ධි අංශය ඒකාබද්ධව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්සණ පවත්වයි.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

Related articles

Recent articles

spot_img