-5.9 C
New York

ඩීසල් සහ පෙට්‍රල් මාරු වී වාහන රැසක් අතරමග නවතී

Published:

ආණමඩුව, ආඬිගම සිපෙට්කෝ ඉන්ධනහළින් පෙට්‍රල් සහ ඩීසල් මාරුකරක බෙදාහැරීමෙන් වාහන 3,000ක් පමණ අතරමග නැවතී ඇත. මේ නිසා එම ඉන්ධන පිරවුම්හළ අසළ දැඩි නොසන්සුන්තාවක් ඇති වූ බව ද ආණමඩුව පොලිසිය පවසයි.

පෙට්‍රල් වාහන හිමිකරුවන් පවසන්නේ තමන්ට ලබා දී ඇති පෙට්‍රල් ඩීසල් හා සමාන බවයි. එමෙන් ම ඩීසල් වාහන හිමිකරුවන් චෝදනා කරන්නේ තමන්ට දුන් ඩීසල් පෙට්‍රල්වලට සමාන බවයි.

ඉන්ධනහළේ කළමනාකරු මේ සම්බන්ධයෙන් තමන් වගකිව යුතු බ පිළිගෙන ඇත. එහෙත් ඔහු පවසන්නේ ඉන්ධන රැගෙන ආ බවුසරයේ රියදුරු සහ සේවකයන්ගේ අතපසුවීමකින් මෙය සිදුව ඇති බවයි.

Related articles

Recent articles

spot_img