spot_img
spot_imgspot_img

විදුලි බිල කිහිප ගුණයකින් වැඩි වෙයි

පුවත්

විදෙස්

ඉදිරි දිනවල දී විදුලි ගාස්තු සංශෝධනය කරන බවත් මේ හේතුවෙන් විදුලි බිල තුන් හතර ගුණයකින් වැඩි වනු ඇති බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

විදුලි බිල වැඩිකිරීමේ දී කර්මාන්ත ශාලා සහ හෝටල් සඳහා කඩිනමින් විදුලි බිල වැඩිකිරීමට සිදුවන බවත් අඩු ආදායාම්ලාභීන් සහ විදුලිය භාවිතය අඩු නිවාස සඳහා සහනදායී ක්‍රමයක් අනුගමනය කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් කිවේය.

විදුලිබල මණ්ඩලය වාර්ෂිකව රුපියල් බිලියන 500ක පාඩුවක් ලබන බව ද අමාත්‍යවරයා එහි දී සඳහන් කළේය. විදුලිබල මණ්ඩලයේ ආදායම වාර්ෂිකව රුපියල් බිලියන 250ක් පමණ වන අතර විදුලි නිෂ්පාදනය සඳහා යොදන පිරිවැය රුපියල් බිලියන 750කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!