-5.2 C
New York

මැති ඇමතිලා ජලයට පොලු තියපු හැටි

Published:

ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයට පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු විසින් රුපියල් කෝටි 02කට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇති අතර එම මැති ඇමතිවරු සංඛ්‍යාව 85 දෙනෙකි.

මෙම දේශපාලකයන්ගේ ලේඛනය ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය විසින් පසුගිය සතියේ රජයට බාර දී ඇත.

එම ලේඛනය අනුව දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු සහ ඇමතිවරු රුපියල් ලක්ෂ 70කට අධික මුදලක් ගෙවීම පැහැර හැර ඇත. මියගිය දේශපාලකයන් විසින් ගෙවීම් පැහැර හැර ඇති මුදල රුපියල් ලක්ෂ 30කට අධිකය.

ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසන්නේ දේශපාලකයන් 50කට වැඩි පිරිසක් විසින් රුපියල් ලක්ෂ 6ත් 10ත් අතර ප්‍රමාණයක් බැගින් ගෙවීම් පැහැර හැර ඇති බවයි.

සාමාන්‍ය ජනතාව‍ මාස තුනක් ගෙවීම් පැහැර හැර ඇත්නම් ජල සැපයුම විසන්ධි කරනු ලබන ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මෙම මැති ඇමතිවරුන්ට සිහි කැඳවීම් කිපියක් යොමුකරනවාට වඩා දෙයක් සිදුකර නැත.

Related articles

Recent articles

spot_img