-5.2 C
New York

මාමණ්ඩිය විසින්, බෑණා අවසන් ගමන් යවයි

Published:

සිය දියණියට, ඇගේ සැමියා විසින් පහර දීම ඉවසාගත නොහැකි වූ පියකු විසින් පිහියෙන් ඇන බෑණා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කැකිරාවේ පදිංචි 45 හැවිරිදි අයෙකි.

ඊයේ (27) රාත්‍රී බිරිඳ අසළ නිවසකට ගොස් ඇතැයි දැනගත් සැමියා එම නිවසට ගොස් ඇයට පහරදීම් සමඟ කෝපයට පත් මාමණ්ඩිය විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදුව ඇත.

පොලිසිය පවසන්නේ මියගිය සැමියා නිතර නිතර තම බිරිඳ සමඟ ආරවුල් ඇතිකරගන්නා පුද්ගලයකු බවයි.

මළ සිරුර කැකිරාව රෝහලේ මෘත ශරීරාගාරයට ගෙනගොස් ඇති අතර අද ඒ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.  

Related articles

Recent articles

spot_img