spot_img
spot_imgspot_img

“පත්තර මහ ගෙදර” පත්තර නවතී

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව වෙනුවෙන් අසීමිත දායකත්වක් සැපයූ පත්තර මහගෙදර ලෙස හඳුන්වන “ලේක්හවුස් ආයතනය” විසින් මෙතෙක් මුද්‍රණය කරන ලද පත්තර 05ක් තවදුරටත් මුද්‍රණය කිරීම නවතා, සතිපතා පත්තර තුනක් මාසිකව එක් කලාපයක් පමණක් නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් අලෙිව අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු විසින් සියලුම පුවත්පත් අලෙවි නි‍යෝජිත ආයතන වෙත ලිඛිත දැනුම්වත් කිරීමක් සිදුකර තිබේ.

ජුනි මස 01 දිනයෙන් පසු ආරෝග්‍යා පුවත්පත, සරසවිය පුවත්පත, සුබසෙත පුවත්පත, වන්නවානවිල් පුවපත්පත සහ කුට්ටිචුට්ටි පුවත්පත නවතා දමා ඇත.

මෙරට පුවත්පත් කර්මාන්තයේ දශක ගණනාවක් දරුවන් වෙනුවෙන් සතිපතා නිකුත් කරන ලද “මිහිර” පුවත්පත ජුනි මස 01 වැනි දා සිට නිකුත් කරන්නේ සෑම මාසයක ම පළමු සතියේ සඳුදා දිනයේ පමණි. කාන්තාවන් වෙනුවෙන් නිකුත් කරන ලද “තරුණි” පුවත්පත ද සෑම මාසයකම පළමු සතියේ බදාදා දිනයේ නිකුත් කිරීමට තීරණය කර ඇත. බුදුසරණ පුව්පත ජුනිි මාසයේ සිට නිකුත් කරන්නේ පසළොස්වක පොහොය දිනයට පමණක් බව ද ලේක්හවුස් ආයතනය දන්වා සිටියි.

ආර්ථික අර්බුදය හමුවේ පත්තර මුද්‍රණය කිරීමට කඩදාසි සපයා ගැනීමේ අපහසුතාව හේතුවෙන් මෙවැනි තීරණයක් ගැනීමට සිදුව ඇති බවත් මාසිකව නිකුත්කරන පුවත්පත් සඳහා ඉල්ලුමට සරිලන සේ ඇණවුම් කිරීමට කටයුතු කරන ලෙසත් එම ලිපිය මගින් පුවත්පත් අළෙවි නියෝජිතවරුන්ට දැනුම් දී ඇත.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!