spot_img
spot_imgspot_img

පොලිසියේ පුටු මාරුවක්. අජිත් රෝහණ දකුණට

පුවත්

විදෙස්

පොලිසියේ ඉහළ තනතුරු කිහිපයක්  ම වෙනස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඒ අනුව, දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරමින් සිටි එම්.ඩී.ආර්.එස්.දමින්ද නැගෙනහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, අපරාධ හා රථ වාහන දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිටි අජිත් රෝහණ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් මාරුකර යවා ඇත.

නැගෙනහිර පළාත බාර වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරමින් සිටි එල්.කේ.ඩබ්ලිව්.කේ. ද සිල්වා රථ වාහන දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් පත්කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ රාජ්‍ය සේවා ක‍ොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් සේවා අවශ්‍යතාව සළකා මෙම මාරුවීම් සිදුකළබවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!