-2.1 C
New York

අටළුගම 09 හැවිරිදි දැරියක් අතුරුදන්

Published:

බණ්ඩාරගම, අටළුගම පදිංචිව සිටි වයස අවුරුදු 09ක දැරියක් අතුරුදන්ව ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසයි.

මොහොමඩ් අක්‍රම් ෆාතිමා අයේෂා නමැති මෙම දැරිය නිවසට ආසන්නයේ පිහිටා ඇති වෙළෙඳ සැළකට අද (27) උදෑසන 10.00ට පමණ ගිය බවත් නැවත ආපසු නිවසට නොපැමිණි බවත් ඇගේ දෙමාපියන් විසින් බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කර ඇත.

CCTV දර්ශන පරීක්ෂා කිරීමේ දී දැරිය වෙළෙඳ සැළෙන් පිටව ඇති බව පෙනුන ද නිවසට පැමිණ නැති බව තහවුරු වෙයි.

දැරිය සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇත.

Related articles

Recent articles

spot_img