-0.1 C
New York

වෙඩි වැදී මියගිය ගුරුවරියගේ සැමියා ‘දුක දරාගත නොහැකිව මිය යයි’

Published:

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ උවෙල්ඩේ හි පාසලක අඟහරුවාදා සිදුවූ සමූහ වෙඩිතැබීමෙන් මියගිය එක් ගුරුවරියක‍ගේ සැමියා හෘදයාබාධයකින් මියගොස් ඇතැයි වාර්තා වේ. ජෝ ගාර්ෂියා නම් මොහු රොබ් ප්‍රාථමික පාසලේ වසර 23ක් ඉගැන්වූ ඉර්මා ගාර්ෂියාගේ සැමියාය.

ළමුන් 19 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 21 දෙනෙකුට මරු කැඳවූ වෙඩි තැබීමේදී නව යොවුන් වියේ තුවක්කුකරුවෙකු විසින් ඝාතනය කරන ලද ගුරුවරියන් දෙදෙනෙකුගෙන් ගාර්ෂියා මහත්මිය එක් අයෙකි.

විවාහ වී වසර 24 ක් වන මෙම යුවළට දරුවන් හතර දෙනෙක් සිටිති.

ගාර්ෂියා පවුල වෙනුවෙන් අරමුදක් රැස්කිරීම සඳහා ආරම්භ කළ GoFundMe වෙබ් පිටුව සංස්කරණය කරන ගාර්ෂියා මහත්මියගේ ඥාති සොහොයුරියක වන ඩෙබ්‍රා ඔස්ටින් විසින් එහි මෙසේ ලියා ඇත: “ජෝ මියගියේ බිඳුණු හදවතකින් බව මම සැබවින්ම විශ්වාස කරමි.”

ට්විටර් වෙබ් අඩවියේ, ගාර්ෂියා මහත්මියගේ බෑණනුවන් වන ජෝන් මාර්ටිනස් කියා සිටියේ ගාර්ෂියා මහතා තම බිරිඳගේ ඝාතනයෙන් පසු “ශෝකයෙන් මිය ගිය” බවයි.

ප්‍රාදේශීය ප්‍රවෘත්ති වාර්තා කර ඇත්තේ ගාර්ෂියා මහතා හෘදයාබාධයකින් මිය ගිය බවයි.

ගාර්ෂියාස් පවුලට වයස අවුරුදු 12 සිට 23 දක්වා ළමුන් හතර දෙනෙකු සිටියි. ඔවුන් පිරිමි ළමයින් දෙදෙනෙකු සහ ගැහැණු ළමයින් දෙදෙනෙකු වශයෙනි.

උවෙල්ඩේ හි මාරාන්තික වෙඩි තැබීමෙන් පසුව, මාර්ටිනස් මහතා නිව් යෝර්ක් ටයිම්ස් වෙත පැවසුවේ ගාර්ෂියා මහත්මියගේ සිරුර නිලධාරීන් විසින් සොයාගන්නා විට “ඇගේ දෑතින් දරුවන් වැළඳගෙන” සිටි බවයි. “ඇය තම පන්ති කාමරයේ ළමුන් ආරක්ෂා කිරීම සඳහා ජීවිතය කැප කළා,” ඔහු අරමුදල් රැස් කිරීමේ පිටුවක ලිවීය. “ඇය වීරයෙක් විය”.

ගාර්ෂියා මහත්මිය සහ වෙඩි තැබීමෙන් මියගිය අනෙක් ගුරුවරිය වන ඊවා මිරෙලස් වසර පහක් එකට උගන්වමින් සිටි අතර ඔවුන්ට වසර 40කට වැඩි පළපුරුද්දක් තිබුණි.

https://www.bbc.com/news/world-us-canada-61569655

Related articles

Recent articles

spot_img