-5.2 C
New York

කුරුණෑගල දී තෙල් බවුසරයක් පෙරැළී, පෙට්‍රල් අපතේ යයි

Published:

කෙළඹ සිට කින්නියා බලා ඉන්ධන රැගෙන යමින් තිබූ බවුසරයක් ඊයේ (26) රාත්‍රී කුරුණෑගල නගරයේ දී මාර්ගය හරහා පෙරැළී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

බවුසරය පෙරැළෙන අවස්ථාවේ දී එහි පෙට්‍රල් ලීටර 13,200ක් තිබී ඇති අතර අනතුර හේතුවෙන් ඉන්ධන විශාල ප්‍රමාණයක් අපතේ ගොස් තිබේ. අනතුරත් සමඟ ගින්නක් ඇතිවීම වළක්වාගැනීම සඳහා කුරුණෑගල ගිනි නිවීමේ ඒකකය බවුසරයට වතුර ඉසිමින් යළි එය මාර්ගයට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ වැසි සහිත තත්වය හේතුවෙන් බවුසරය ලිස්සා ගොස් අනතුර සිදවුන්නට ඇති බවයි.

Related articles

Recent articles

spot_img