-4.8 C
New York

මහ බැංකු අධිපති පුටු මාරුවක් ? කුමාරස්වාමි කියන කතාව

Published:

මහබැංකු අධිපතිධූරයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉවත්කර යළි ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි එම ධූරය සඳහා පත්කිරීමේ සූදානනමක් ඇතැයි යන්න ව්‍යාජ ප්‍රචාරයක් බවත් එවැනි කිසිදු සූදානමක් නැතැයි හිටපු මහ බැංකු අධිපති ආචාර්ය කුමාරස්වාමි පවසයි.

“ශ්‍රී ලංකාව ඉතාමත් අසීරු තත්වයකට පත්ව සිටිය දී අචාර්ය නන්දලාල් වීරසිංහ ඕස‍්ට්‍රේලියාවේ සිට පැමිණ ඒ වගකීම බාරගත්තා. ඒ වගේම යම් සැළසුමක් අනුව වැඩ කරගෙන යනවා. අපි ඔහුට අවශ්‍ය සහයෝගය දෙනවා. මේ තනතුර බාර ගැනීමට මගේ කැමැත්තක්  හෝ කිසිම සූදානමක් නැහැ. මේ යන ප්‍රචාරය බොරුවක්” ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකර ආර්ථිකය තවදුරටත් විනාශ කිරීමට උත්සාහ ගන්නා පටු දේශපාලන අරමුණු වෙනුවෙන් වැඩකරන පිරිසක් මේ ප්‍රචාරය යවන බව ද මහබැංකු ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img