-4.8 C
New York

මහින්දගෙන් CID ය ප්‍රකාශයක් ගනී

Published:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ඊයේ (25) සවස ප්‍රකාශයක් සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ.

පසුගිය 09 වැනි දා ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින තම අනුගාමිකයන් පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවා ඔවුන් අමතමින් උද්වේගකර කතාවක් සිදුකිරීමෙන් පසු ඒ පිරිස අතරට සිටි මැර පිරිසක් කොළඹ සාමකාමී උද්ඝෝෂකයන්ට එරෙහිව මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළහ. එම ප්‍රහාරයෙන් පසුව රට පුරා කලබලකාරී තත්වයක් ඇතිවූ අතර එදින රාත්‍රිියේ මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේය.

මෙම ප්‍රහාරයට හිටපු අගමැතිවරයා සෘජුව වගකිව යුතු බවට සමාජයේ දැඩි මතයක් පවතී. මේ වනවිට ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ද අධිකරණය විසින් තහනම් කර ඇත.

ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අගමැතිවරයාගෙන් පැය 03කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත් බව ද වාර්තා වෙයි.

Related articles

Recent articles

spot_img