-0.1 C
New York

අති බිහිසුණු ජීවියෙකුගේ, අවශේෂ සොයා ගැනේ

Published:

යෝධ පියාඹන උරගයෙකුගේ පොසිල අස්ථි කොටස් ආජන්ටිනාවෙන් සොයාගෙන තිබේ. විද්‍යාඥයින් පවසන්නේ මෙම සත්ත්වයා බස් රථයක් තරම් විශාල බවයි.  Dragon of Death (මරණයේ මකරා), ලෙස නව විශේෂය ලෙස නම් කර ඇත. මෙම බිහිසුණු ප්‍රාග් ඓතිහාසික සත්ත්වයා වසර මිලියන 86 කට පමණ පෙර පෘථිවි අහසේ සිට ගොදුරු දඩයම් කරමින් ජීවත් වන්නට ඇතැයි විද්‍යාඥයෝ පවසති.

පියාපත් සම්පූර්ණයෙන්ම දිගහැරිය විට, එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා මීටර් නවයක් (අඩි 30) පමණ දිගු වේ. “මෙම විශේෂය ජිරාෆ් කෙනෙකුගේ උසට සමාන උසක් සහිතය”, ව්‍යාපෘති නායක ලියනාඩෝ ඔර්ටිස් පැවසුවේය.

අලුතින් සොයාගත් විශේෂයේ ජීව ප්‍රමාණයේ අනුරුවක් අසල පාෂාණ විද්‍යාඥ ලෙනාඩෝ ඔර්ටිස්

මෙම සතුන්ගේ අවශේෂ වසර මිලියන 86 ක් පුරා ඇන්ඩීස් කඳුකරයේ පාෂාණවල සංරක්ෂණය වී තිබී ඇති අතර එයින් අදහස් කරන්නේ මෙම පියාඹන සත්වයා ඩයිනෝසෝරයන් සමඟ ජීවත් වූ බවයි.

මහාචාර්ය ඔර්ටිස් යනු 2012 දී ආර්ජන්ටිනාවේ කැණීමක දී මෙම උරගයින්ගේ පොසිල මුලින්ම සොයා ගත් පාෂාණ විද්‍යාඥයින්ගෙන් කෙනෙකි.

ඔහු මෙම පියාඹන උරග විශේෂයේ නම ලෙස – Thanatosdrakon amaru – යන්න තෝරා ගත්තේ එමගින් මරණය සහ මකරා සඳහා ග්‍රීක වචන ඒකාබද්ධ කළ නිසාය. “එය එසේ නම් කිරීම සුදුසු බව පෙනේ,” මහාචාර්ය ඔර්ටිස් මීට පෙර සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. 

කුරුල්ලන් පරිණාමය වීමට පෙර පෘථිවියේ ප්‍රාග් ඓතිහාසික අහස පුරා පියාසර කරමින් – ගොදුරු දඩයම් කිරීම සඳහා තම පියාපත් භාවිතා කළ පළමු විලෝපිකයන්ගෙන් එකෙක් ලෙස මෙම උරගයා විශ්වාස කෙරේ.

කෙසේවුවද මහාචාර්ය ඔර්ටිස් බීබීසීයට පැවසුවේ මෙම දඩයම්කරු බොහෝ විට පොළොව මත වැඩි කාලයක් ගත කරන්නට ඇති බවයි. මෙම සත්වයාගේ ඉදිරි ගාත්‍රා පියාපත් ලෙස විකසනය වී තිබුණ ද එහි අස්ථි පාද සේ සැකසී තිබීම හේතුවෙන් විද්‍යාඥයන් පවසන්නේ පිටුපස ගාත්‍රා සහ පියාපත් සේ දක්නට ඇති ඉදිරිපස ගාත්‍රා භාවිතා කරමින් මේ අපූරු සත්වාය සිව්පා සතකු සේ ඇවිද යන්නට ඇති බවයි. එබැවින් පාද හතරකින් ඇවිදීමට, දිව යාමට සහ දැවැන්ත ඉදිරි ගාත්‍රා උපකාරයෙන් පියෑඹීමට හැකි බැවින් අති බිහිසුණු විලෝපිකයකු බව විද්‍යාඥයෝ කියති.

සත්වයාගේ ප්‍රාග් ඓතිහාසික ජීවන රටාව පිළිබඳ විස්තර ඉතා අල්පය – නමුත් විවිධ ප්‍රමාණයේ නිදර්ශක යුගලයක් එකට සොයා ගැනීම විලෝපිකයා කණ්ඩායම් වශයෙන් ජීවත් වූ බවට සාක්ෂියක් බව ඔහු පැවසීය.

භයංකර උරගයා ජීවත් වූයේ ව්‍යසනකාරී වඳවීමේ සිදුවීම වන ග්‍රහකයක් පෘථිවියට පහර දීමට වසර මිලියන 20 කට පමණ පෙරය .

මීට වසර මිලියන 170 කට පෙර ජුරාසික් යුගය දක්වා දිවෙන ඊටත් වඩා පැරණි ටෙරෝසෝරයෙකුට අයත් පොසිල 2017 දී ස්කොට්ලන්තයේ ස්කයි දූපතෙන් සොයා ගන්නා ලද අතර එහි පියාපත් අතර දිග මීටර් 2.5 (අඩි 8) ලෙස ගණන් බලා ඇත.

https://www.bbc.com/news/science-environment-61568468

Related articles

Recent articles

spot_img