-2 C
New York

තෙල් වංචාවට විරෝධය දක්වමින්, හම්බන්තොට “තෙල් දීපං ගම” ‍බිහිවෙයි (වීඩියෝ සහිතයි)

Published:

පැරණි මිලටම තෙල් ඉල්ලා හම්බන්තොට ගබඩා හන්දියේ සිපෙට්කෝ පිරවුම්හළ අසළ “තෙල් දීපං ගම” නමින් විරෝධතාවක් ආරම්භ කර ඇත.

එම විරෝධතාවයේ නිරත පිරිස පවසන්නේ පසුගිය 22 වැනි දා ගබඩා හන්දිය පිරවුම්හළට තෙල් ලිටර 6,000ක් සහිත බවුසරයක් පැමිණ ඇති බවයි.

එම බවුසරයේ වංචනික ලෙස සඟවාගෙන සිට 23 අලුයම තෙල් මිල වැඩි වූ පසු එම බවුසරයේ තෙල් නව මිලට විකුණන බැවින් මෙලෙස විරෝධතාවක් ආරම්භ කළ බව ඔවුහු පවසති.

එම තෙල් බවුසරය රැගෙන ආවේ 22 වැනි දා බැවින් එදා තිබූ මිල ගණන් අනුව තමන්ට ඉන්ධන ලැබිය යුතු බව ඔවුන්ගේ එක් ඉල්ලීමකි. මේ වනවිට “තෙල් දීපං ගම” යනුවෙන් පුවරු පවා සවිකරගෙන එහි විරෝධතාවයේ නිරත පිරිස් ගිලන්රථ සහ සාමාන්‍ය පෙළ විභාගයට යන දරුවන් රැගත් වාහනවලට හැර වෙනත් කිසිදු වාහනයකට තෙල් එම පිරවුම්හළෙන් තෙල් ලබාගැනීමට ඉඩ නොදෙති.

මෙලෙස වංචනික ලෙස ඉන්ධන අළෙවි කරන පිරවුම්හල් සම්බන්ධයෙන් කිසිදු වගකිවයුතු රාජ්‍ය නිලධාරියකු දේශපාලනඥයකු ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකිරීමේ පසුබිමක් තුළ තෙල් පිරවුම්හල් හිමියන් ඒකාධිකාරියක් ගොඩනගා ගනිමින් සිටින බව ද ජනතාව චෝදනා කරති.

(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි)

Related articles

Recent articles

spot_img