-4.8 C
New York

මූල්‍ය ප්‍රතිපත්තියක් නැත්නම්, ශ්‍රී ලංකාවට විදෙස් ආධාර නෑ

Published:

ශ්‍රී ලංකාව දැනට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ස්ථිර ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් කඩිනමින් සකස් කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් ශ්‍රී ලංකාවට මූල්‍යමය ප්‍රදානයන් ලබා නොදෙන බවත් ලෝක බැංකුව දැනුම් දී තිබේ.

මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමඟ සම්බන්ධීකරණ කටයුතු කරමින් ශ්‍රී ලංකාවට සහය දැක්වීමට කටයුතු කරමින් සිටින බව ද ලෝක බැංකුව කියයි.

ශ්‍රී ලංකාවේ දැනටමත් අනුමත කර ඇති මූල්‍ය ව්‍යාපෘති නැවත සමාලෝචනය කර එම මූල්‍ය සහාය ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙන් ම දිළිඳු ජනතාවට සඳහා සහන ලබාදීම, ගොවීන් සහ කුඩා ව්‍යාපාර සඳහා අවශ්‍ය සහන ලබාදීම සඳහා යොමු කළ යුතු බව ද එමගින් පෙන්වා දී ඇත.

Related articles

Recent articles

spot_img