spot_img
spot_imgspot_img

මාධ්‍යවේදියකුට, ඉන්ධන ජාවාරම් කරුවෝ පහර දෙති

පුවත්

විදෙස්

කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන අශෝක චන්ද්‍රසේකරට කිසියම් පිරිසක් විසින් අද (23) පහර දී ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

කුරුණෑගල අනුරාධපුර මාර්ගයේ මිනුවන්ගැටේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හළ තුළ මාධ්‍යවාර්තා කරණයේ නිරතවෙමින් සිටිය දී ඔහුට මෙලෙස පහර දී ඇත.

එම ඉන්ධන පිරවුම්හළෙන් ඉන්ධන ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් විශාල පිරිසක් දිගු පෝළිම්වල රැඳී සිටිය දී විශාල ප්‍රමාණයේ බුලිවලට නොකඩවා ඉන්ධන පුරවමින් සිටි පිරිසක් ඔහු සිය ජංගම දුරකථනයෙන් පටිගත කරමින් සිටිය දී මෙලෙස පහර දී ඇත.

ඔහු පවසන්නේ මෙලෙස ඉන්ධන පුරවාගැනීම යම් අකටයුත්තක් විය හැකි බැවින් තමන් මෙවැනි දේ පටිගත සාමාන්‍ය ක්‍රමවේදයට ජංගම දුරකථනයේන පිටිගත කළ බවයි.

මාධ්‍යවේදී අ‍ශෝක චන්ද්‍රසේකර පවසන්නේ ලොරියකින් විශාල ප්‍රමාණයේ බුලි රැගෙන විත් එම බුලි වරින් වර  පොම්ප අසළට යවා ඒවාට ඉන්ධන පුරවා යතුරුපැදිවලින් යැවූ බවයි. එම අවස්ථාව ඔහු සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇත. මෙය දුටු එම පුද්ගලයන් තමන් අසළට පැමිණ ජංගම දුරකථනය උදුරා තමන්ට පහර දී මාධ්‍ය හඳුනුම්පත ද ඉල්ලා සිටි බව හෙතෙම පවසයි. තමන්ට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත්කර ඇති මාධ්‍ය හැඳුනුම්පත පෙන්වුව ද ඔවුන් පහරදුන් බව මාධ්‍යවේදියා කියයි. එම අවස්ථාවේ වාරියපොළ පොලිසිියේ නිලධාරීන් දෙදෙනකු රාජකාරියේ නිරතව සිටි බැවින් තමන් කෑ ගසා ඔවුන්ට මේ ගැන කීව ද ඔවුන් එ් ගැන තැකීමක් නොකළ බව ද චන්ද්‍රසේකර කීවේය.

පහර කෑමට ලක්වූ අශෝක චන්ද්‍රසේකර සුවසැරිය ගිලන්රථයකින් නිකවැරටිය රෝහලට ගෙන ගොස් ඇත.මෙම පහරදීම සහ තම රාජකාරියට බාධා කරීමත් සම්බන්ධයෙන් වාරියපොළ පොලිසියට පැමිණිලි කර තිබේ.

සිදුකළ පහරදීම හේතුවෙන් ඔහුගේ ඇසකට හානි සිදුව ඇති අතර කොඳු ඇටපෙළට ද තදබල පහර වැදී ඇතැයි වෛද්‍යවරු පවසා ඇත.

ප්‍රාදේශීය මාධ්‍යවේදිකයකු ලෙස ආයතන කිහිපයකට සේවය කරන ඔහු පසුගිය දා ආර්ථික අර්බුදය හමුවේ වෘත්තිකයන් විඳින දුක්ගැහට හේතුවෙන් සිය නිවසේ සිට ගාලු මුවදොර අරගල භූමියට පා ගමනින් පැමිණියේය.

අශෝක චන්ද්‍රසේකර වයඹ මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම්වරයා ද වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!