-5.9 C
New York

අරගලකරුවන්ට යකඩයකින් පහරදුන්, “සතා” අත්අඩංගුවට

Published:

ගාලු මුවදොර අරගල භූමියට සුදු පැහැති ඇඳුමින් සැරසී සුදු පැහැති හෙල්මටයක් දමාගෙන ස්කූටරයකින් පැමිණ පසුගිය 09 වැනිදා යකඩයකින් අරගලකරුවන්ට පහරදුන් පුද්ගලයා අද (21) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔහු හෝකන්දර ප්‍රදේශයේ සැඟවී සිටිය දී අල්ලාගෙන ඇත. 43 හැවිරිදි එම පුද්ගලයා අශාන්ත නාලක හෙවත් සතා ලෙස හඳුන්වන බවත් පාතාල කල්ලියක් හා සම්බන්ධතා ඇතිඅයකු බවත් පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා මීට පෙර මිරිහානේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික නිවස අසළ උද්ඝෝෂණයක් අතරතුර ගිනි ගැනීමට ලක්වූ බස් රථය අනවසරයෙන් පන ගන්වාගෙන ගොස් උද්ඝෝෂකයන් සිටින ස්ථානයේ නතර කළ පුද්ගලයා ලෙස ද හඳුනාගෙන තිබේ.

මීට අමතරව පසුගිය 05 වැනි දා පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයට ද පැමිණ අරගලකරුවන්ට විරුද්ධව අදහස් ප්‍රකාශ කර තිබිණි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

Related articles

Recent articles

spot_img