spot_img
spot_imgspot_img

අරුන්දික තමන් ගුවන් නියමුවෙක් යැයි, පාර්ලිමේන්තුවේ දී කී කතාව බොරුවක් ද ?

පුවත්

විදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු තමන් ශ්‍රී ලංකා ගුවන් සේවයේ නියමුවකු බවට පසුගිය 09 වැනිදා තම නිවසට පහරදුන් මැරයන් තමන්ගේ ගුවන් පියාසර පිළිබඳ ලිිපිගොනු පවා විනාශ කර ඇති බවත් ප්‍රකාශ කළ ද ඔහු කිසිදා ගුවන් නියමුවකු ලෙස කටයුතු කර නැතැයි ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමුවන්ගේ සංසදය පවසයි.

මේ අනුව අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කරන ලද ප්‍රකාශය අසත්‍යයකැයි සැකයක් මතු වී තිබේ.

ගුවන් නියමුවන්ගේ සංසදය පවසන්නේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ගුවන් නියමුවකු ලෙස සේවය කළ බවට තහවුරු කරන කිසිදු තොරතුරක් නොමැති බවයි.

අරුන්දික ප්‍රනාන්දු ගුවන් හමුදාවේ සේවය කළ අයකු ද නොවන බැවින් ඔහු ගුවන් යානා පැදවූයේ කෙසේ ද යන්න බරතල ගැටලුවක් බව ගුවන් නියමුවෝ පවසති.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ විස්තර අතර ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් හෝ වෘත්තීය සුදුසුකම් දැක්වෙන කොටස හිස්ව පවතී. එහි කිසිවක් සඳහන් කර නැත.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!