spot_img
spot_imgspot_img

රජය අඛණ්ඩව විදුලි සැපයම සිදුකරන හැටි මෙන්න

පුවත්

විදෙස්

කප්පාදුවකින් තොරව ලබන සඳුදා (23) සිට විදුලිය සැපයීමට හැකිවනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අද (21) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය.

ඔහු පවසන්නේ ඩීසල් සහ දැවිතෙල් මගින් විදුලියි නිපදවීම වියදම් අධික වුව ද එලෙස සිදුකරන බවයි. විදුලි ජනක යන්ත්‍රවලට බව කියමින් බොහෝ දෙනකු බුලි, කෑන් සහ බැරල්වලට තෙල් එකතුකිරීම හේතුවෙවන් ජනතාවට තෙල් ලබාදීමේ ගැටලු ඇතිවන බව ද හෙතෙම පෙන්වා දෙයි.

නමුත්, ශ්‍රී ලංකාවේ පසුගිය දිනවල විදුලි ජනනය කිරීමේ රටාව නිරීක්ෂණය කළ විට ඇමතිවරයා පවසන ආකාරයට කොතරම් වියදම් වුව ද තෙල්වලින් විදුලිය නිපදවා හෝ ජනතාවට ලබාදෙනවා යැයි යන කතාව සත්‍යයක් ම ද යන්න ගැටලුවක් පවතී.

ඊයේ (20) දිනයේ දී හ්‍රී ලංකාවේ සමස්ත විදුලි නිෂ්පාදනය ගිගා වොට් 40.14කි. එම ප්‍රමාණයෙන් ඛනිජ තෙල්  නිෂ්පාදනයෙන් විදුලිය උත්පාදනය කර ඇත්තේ 33.49%ක් හෙවත් ගිගා වොට් 13.44කි.

මේ වනවිට විදුලි නිෂ්පාදනය සිදුකරන ජලාශවල ධාරිතාව ඉහළ ගොස් ඇති බැවින් ඊයේ දිනයේ නිෂ්පාදනය කෙරුණු විදුලියෙන් 50.1%ක් වෙත් ගිගා වොට් 20.1ක් නිෂ්පාදනය කර ඇත්තේ විශාල ජලාශයන්හි ඇති ජලයෙනි. ගිගා වොට් 12.64ක් හෙවත් 31.5% තාප විදුලි බලාගාරයෙන් උත්පාදනය කර ඇත. තෙල් භාවිතයෙන් නිෂ්පාදනය කර ඇති විදුලි ප්‍රමාණය ගිගා වොට් 0.81කි, සුළං විදුලි බලාගාරවලින් ගිගා වොට් 3.48ක් නිෂ්පාදනය කර තිබේ. මීට අමතරව කුඩා ජල විදුලි බලාගාරවලින් ඊයේ දිනයේ විදුලිය ගිගා වොට් 2.56ක් ජාතික විදුලි බල පද්ධතියට එක්කර තිබිණි.  සූර්ය බලයෙන් නිපදවාගත් විදුලිය ගිගාවොට් 0.3ක් වන අතර නගර සභා අපද්‍රව්‍ය විදුලි උත්පාදනය ගිගා වොට් 0.26කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!