spot_img
spot_imgspot_img

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පොහොට්ටුවේ සහය නොලැබෙන ලකුණු ?

පුවත්

විදෙස්

පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට බලාපොරොත්තුවන 21 වැනි සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය නොලැබීමට ඉඩ ඇතැයි දේශපාලන අභ්‍යන්තර අරංචිමාර්ග සඳහන් කරයි.

රට පත්ව ඇති ‍ආර්ථික හා දේශපාලනික අර්බුදයෙන් මිදීමට නම් හදිසි ව්‍යාවස්ථා සංශෝධනයක් ගෙනවිත් ජනාධිපතිවරයාගේ බලතල අඩුකර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබූ සාධනීය කරුණු කහිිපයක් බලාත්මක කළ යුතු බව යොජනා වී තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ ද පසුගිය දා කියා සිටියේ කැබිනට් මණ්ඩලය රැස්වන පළමු අවස්ථාවේ දී ම එම සං‍ශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමට නියමිත බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා සහ නායකයා වන බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේ 20 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසුවය. ශ්‍රී ලංකාවේ මෙන් ම ඇමෙරිකාවේ ද පුරවැසියකු වන ඔහුට 21 වැනි සංශෝධනය සම්මත වුවහොත් පාර්ලිමේන්තු අසුන අහිමිවනු ඇත.

එමෙන් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයකු කියා සිටියේ මෙවැනි බැරෑරුම් අවස්ථාවක දී ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීම නොව බලතල වැඩිවිය යුතු බවයි. එවැනි මත හේතුවෙන් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය නොලැබීමට ඉඩ ඇති බව දේශපාලන විචාරකයෝ කියති.

ගෝඨභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරන විරෝධතා කරුවන් දිගින් දිගටම පවසන්නේ 21 වැනි සංශෝධනය සම්මත කරගැනීමට සහය නොදෙන මන්ත්‍රීවරුන්ට සිය නිවෙසට ඒමට නොදෙන බවයි.

කෙසේ වෙතත් ව්‍යවස්ථාව සංශෝධනය කර රාජපක්ෂ පවුලේ බලය සීමා කිරීම, එක් පුද්ගලයකු වටා බලය කේන්ද්‍රගත වීම වැළැක්වීම අත්‍යාවශ්‍යය යන්න පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ඇතුළු පාර්ශව ගණනාවක් දිගින් දිගටම ප්‍රකාශ කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!