spot_img
spot_imgspot_img

විදෙස් සහය ලැබෙතැයි අපේක්ෂාව සමඟ කොටස් වෙළෙඳ පොළ ඉහළ නගී

පුවත්

විදෙස්

G7 සමුළුවේ රටවල් ශ්‍රී ලංකාවට ණය ආධාර ලබාගැනීම සඳහා සහය වීමට තීරණය කර තිබූ අතර ජපාන රජය ශ්‍රී ලංකාවට ආහාර අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක ආධාර ලබාදෙන බව ද ප්‍රකාශ කෙරිණි.

මෙවැනි ආධාර ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය යම් තරමකට පාලනය කරගත හැකිවනු ඇතැයි යන විශ්වාසයත් සමග අද (20) කොළඹ කොටස් වෙළෙඳ පොළ ද ඒකක 91කින් ඉහළ ගියේය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (18) දිනයේ ගනුදෙනු 14,808ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,978ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 91කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,265ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 900
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 133
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම ‍රුපියල් මිලියන 132

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 15
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් කොටස් මිලියන 12
  • සොෆ්ට් ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
  • රම්බොඩ ෆෝල්ස් හෝටලය 18%
  • නේෂන් ලංකා සමාගම 16%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 429
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 264
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් බිලියන  183

සංවෘත කවය තුළ ගනු දෙනු වූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව කොටස් ලක්ෂ 15ක් රුපියල් 80.50 බැගින්
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම කොටස් 366,000 රුපියල් 135.00 බැගින්
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 4.4ක් රුපියල් 9.60 බැගින්
  • එයිට්කන් ස්පෙන්ස් සමාගම කොටස් 397,000ක් රුපියල් 77.00 බැගින්

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 184ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 304කොටස් විකුණා තිබිණි. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙට රුපියල් මිලියන 120ක ආයෝජනය අද දිනයේ ඉවත්කරගෙන තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • මෙල්ස්ටාකොප් සමාගම රුපියල් මිලියන 05
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 1.9
  • හේමාස් සමාගම 1.4
  • හේලීස් සමාගම රුපියල් මිලින 1.2

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 126
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 4.9
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 2.5
  • ලංකා වෝල් ටයිල්ස් සමාගම රුපියල් මිලියන 0.9

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!