රත්ගමින් ආසාදිතයෙක්. ගාල්ලේ ධීවර ලෑල්ලක හිමිකරු

0
907

රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි මාළු වෙළෙන්දකු කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇතැයි රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම පුද්ගලයා ගාල්ල කොටුව ආසන්නයේ රත්ගම වැල්ලේ මාළු ලෑල්ලක් පවත්වාගෙන යන අයෙකි. රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ජෛව සාම්පල ලබාගෙන කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔහු ආසාදිතයකු යැයි තහවුරු වී ඇත.

පසුගිය සෙනසුරාදා (24) ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ මෙහෙයවීමෙන් ගාල්ල ධීවර වරාය, රත්ගම වැල්ල හා ජාකොටුව වැල්ල යන ස්ථානයන්හි ධීවරයන්, වෙළෙන්දන් හා සේවා සපයනන් 726 දෙනකුගේ ජෛව සාම්පල ලබාගෙන පීසීආර් පරීක්ෂණ වෙත යොමු කර තිබිණි.

එම පීසීආර් පරීක්ෂණ වල සියලුම වාර්තා ඊයේ (27) සවස ලැබී තිබුණු අතර ඉන් කිසිවෙකුත් ආසාදිත වී තිබුණේ නැත. මෙම මාළු වෙළෙන්දා නගර සභා සෞඛ්‍ය ඒකකය මගින් පැවැත්වූ පීසීආර් පරීක්ෂණවලට ඇතුළත් වූවෙකු නොවේ.

එසේ වුව ද ඇතැම් සමාජ මාධ්‍යවල ප්‍රකාශ කර ඇත්තේ නගර සභා සෞඛ්‍ය ඒකකය විසින් කරන ලද පීසීආර් පරීක්ෂණ සියල්ල මෙතෙක් ලැබී නොමැති බවයි. ආසාදිතයකු බවට පත්ව ඇතැයි අද සෞඛ්‍ය අංශවෙත දැනුම් දී ඇති මෙම ධීවරයාගේ වාර්තාව ඉන් එකක් බවට සමාජ මාධ්‍යවල පළවන වාර්තා  අසත්‍යයකි.

කෙසේ වෙතත් එම ධීවරයාගේ සියලුම ආශ්‍රිතයන් සිය නිවෙස්වලම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ ස්වයං නිරෝධායනයට යොමු කරන බව ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here