-2.1 C
New York

මැදමුලන පාසල් සිසුවකු, හදිසියේ ම Live ඇවිත් රටට ම කියූ ආන්දෝලනාත්මක කතාව (වීඩියෝ සහිතයි)

Published:

මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සිසුවකු හදිසියේ ම පාසලට පැමිණ තම ජංගම දුරකථනයෙන් facebook Live පැමිණ පාසලේ විදුහල්පති, ගුරුවරු තමන්ට සිදුකළ අසාධාරණයක් ගැන ප්‍රචාරය කළේය.

මේ සිසුවා පවසන්නේ පාසලේ ළමුන් පිරිසක් තවත් ළමයකුට පහරදීමේ සිද්ධියක් බේරීමට යාම හේතුවෙන් මේ ගැටලුවට මුහුණදීමට සිදුවූ බවයි.

ඒ ගැන කීමට පොලිසියට ගිය ද විදුහල්පතිවරයාගේ බලපෑම හේතුවෙන් පොලිසයෙන් සාධාරණයක් ඉටු නොවූ බව ද තම පියා පවා විදුහල්පතිවරයාගේ පැත්ත ගෙන තමන්ට සාධාරණය ඉටු නොකරන බවත් එම සිසුවා කියයි.

මේ දුක්ගැනවිල්ල රටට කියන්නේ නිශාන් ප්‍රබෝධන නමැති පාසල් සිසුවෙකි.

‍මේ ගැන වහාම සියලු බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

(මෙම පුවත සම්බන්ධයෙන් අගතියට පත්වන පාර්ශවයක් සිටීනම් ඔවුන්ගේ අදහස් දැක්වීම ද මේ හා සමාන ඉඩක් ලබාදෙමින් පළ කිරීමට අපි බැඳී සිටින්නෙමු)

Related articles

Recent articles

spot_img