spot_img
spot_imgspot_img

පොම්පියෝ ඉන්දියාවේ කළ දේ

පුවත්

විදෙස්

සංවේදී චන්ද්‍රිකා දත්ත හුවමාරු කර ගැනීම සඳහා ඉන්දියාව සහ ඇමරිකාව යුදමය ගිවිසුමක් අත්සන් කර ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි.

මිසයිල, ඩ්‍රෝන හා වෙනත් ඉලක්ක වලට නිවැරදිව ප්‍රහාර එල්ල කිරීම සඳහා එවැනි දත්ත පරිශීලනය අත්‍යාවශ්‍ය වේ.

ඊයේ (27) දිල්ලියේ පැවති ඉහල මට්ටමේ සාකච්ඡා වලින් පසුව මෙම ගිවිසුම පිළිබඳ තොරතුරු නිවේදනය කරන ලදී.

චීනය සහ ඉන්දියාව අතර පවතින දැඩි දේශසීමා ගැටුම් මැද ඇමරිකාව සමග මෙවැනි ගිවිසුමකට යෑම කලාපයේ චීනයේ බලපෑමට එරෙහි වීමක් බව විචාරකයෝ පවසති.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්ක් එස්පර් සිය ඉන්දියානු මිත්‍රයා වන රජ්නාත් සිං සමග සාකච්ඡා පැවැත්වූ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් හමුවිය.

“පසුගිය දශක දෙක තුළ අපගේ ද්වීපාර්ශවීය සබඳතා ක්‍රමයෙන් වර්ධනය වී තිබේ. එමනිසා ජාතික ආරක්ෂාව සම්බන්දව වඩාත් තීව්‍ර ලෙස කටයුතු කිරීමට හැකිවනු ඇත,” යැයි ජයශංකර් මහතා පැවසීය.

න්‍යෂ්ටික බලශක්තිය, විකල්ප වෛද්‍ය විද්‍යාව හා භූ විද්‍යාව යන ක්ෂේත්‍ර වල වෙනත් ගනුදෙනු රාශියක් සඳහා ද දෙපාර්ශවය අත්සන් තැබූහ.

බීබීසීය පවසන්නේ මෙම ගනුදෙනුව ඉන්දියාව සහ ඇමරිකාව සිය යුදමය සබඳතා ගැඹුරු කිරීම සඳහා තැබූ ඉදිරි පියවරක් බවයි. ඉන්දියාව ලෝකයේ ආරක්ෂක උපකරණ විශාල වශයෙන් මිල දී ගන්නා රටක් නමුත් එයින් 60% – 70% අතර ප්‍රමාණයක් මිලදී ගන්නේ රුසියාවෙනි. මේ වෙළඳපොල ඇමරිකාව දෙසට නැඹුරු කිරීම ද සාකච්ඡාවේ අරමුණක් විය.

කොරෝනා වසංගතය මධ්‍යයේ සහ ඇමරිකාවේ මැතිවරණයට සතියකට පෙර මෙවැනි සාකච්ඡාවක් පැවැත්වීම ම එය කෙතරම් වැදගත් ද යන්න පෙන්නුම් කරන බව විචාරකයෝ පවසති.

ඇමරිකානු නියෝජිතයන් අද (28) ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන අතර ඉන්පසු මාල දිවයින සහ ඉන්දුනීසියාව යන රටවල සංචාරය කරනු ඇත. ආසියානු කලාපයේ චීනයේ බලපෑමට එරෙහිව සටන් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන තේමාව බව පැවසේ.

ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස විසින් සංචාරය සඳහා තෝරාගෙන ඇති රටවල් බහුතරයක් චීනය සමග ශක්තිමත් සබඳතා පවත්වන ජාතීන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!