spot_img
spot_imgspot_img

සඳ මත ජලය ඇතැයි NASA කීවේ නෑ.

පුවත්

විදෙස්

සඳ මත ජලය ඇතැයි නාසා ආයතනයේ පර්යේෂණයකින් සනාථ වී තිබේ යැයි සිදුවන ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවක් නැත. එවැනි පර්යේෂණයක් සිදුකර ඇත්තේ ඇමෙරිකාවේ හවායි විශ්වවිද්‍යාලයෙනි.

පෘථිවියේ ජලය අඩුම ප්‍රතිශතයක් දක්නට ලැබෙන සහරා කාන්තාරයේ ඇති ජලය මෙන් 01% ක ප්‍රමාණයක් සඳෙහි ජලය ඇති බව ඒ පිළිබඳ අධ්‍යයනය කළ පර්යේෂණ කණ්ඩායම කියති. එම ප්‍රමාණය චන්ද්‍ර පස් කියුබික් මීටරයක ජලය අවුන්ස 12කි.  

ඔවුන් තම පර්යේෂණ වාර්තාව නේචර් ඇස්ට්‍රොනොමි සඟරාවේ ප්‍රකාශයට පත්කර ඇත.

නාසා ආයතනයේ අධෝරක්ත තාරකා විද්‍යාව සඳහා වන ස්ට්‍රෝටෝස්පරික් නිරීක්ෂණගාරය භාවිතා කරමින් මෙම පර්යේෂණය සිදුකර තිබේ.

සඳ මත සීතල සහිත හෝ සෙවනැලි සහිත ස්ථානවල පමණක් ජල අණු පවතින බවට කළක සිට විද්‍යාඥයන් අතර මතයක් පැවතිණි. මෙම සොයාගැනීම හේතුවෙන් එම මතය වෙනස්වන බවත් සඳ පෘෂ්ඨය මත ම ජලය ඇති බවත් පර්යේෂකයෝ කියති.

ඉන්දියා අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානයේ චන්ද්‍රයාන් – 01 මෙහෙයුමේ දී සඳමත යම් ආකාරයක හයිඩ්‍රජන් වර්ගයක් පවතින බව අනාවරණය වී තිබිණි. නාසා විද්‍යාඥයන් ඒ පිළිබඳ සිය මතය ප්‍රකාශ කරමින් කියා සිටියේ එය ජලය හා සමීප රසායනික සංයෝගයක් වන හයිඩ්‍රොක්සිල් (HO) විය හැකි බවයි.

මෙම සොයාගැනීම ලොව විද්‍යාඥයන් විසින් පිළිගැනීමත් සමඟ සඳ පෘෂ්ඨයේ ජලය නිර්මාණය වන්නේ කෙසේ ද යන්නත් එය වාතය රහිත ජල පෘෂ්ඨයේ පවතින්නේ කවර ආකාරයට ද යන ප්‍රශ්නවලටත් විසඳුම් සොයාගැනීමට සිදුව ඇත.

“ජලය ලෙස හඳුන්වන අප දන්නා හුරු පුරුදු දෙය සඳෙහි හිරු එළිය ඇති පැත්තේ තිබිය හැකි බවට අපට යම් සාක්ෂි තිබුණා. දැන් අපි සත්‍ය වශයෙන්ම දන්නවා එය එහි ඇති බව. මෙම සොයා ගැනීම චන්ද්‍ර පෘෂ්ඨය පිළිබඳ අපගේ අවබෝධය අභියෝගයට ලක්කරන අතර තවත් කුතුහලය දනවන ප්‍රශ්න කිහිපයක් ද මතුකරනවා.” යනුවෙන් මෙම අධ්‍යයනය සිදුකළ හවායි විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය කේසි හනිබෝල් පවසයි.

සඳ මත ජලය ඇතිබවට නාසා ආයතනය කිසිදු ප්‍රකාශයක් සිදුකරන නැත. පර්ය්ෂකයන් නාසා ආයතනයේ නිරීක්ෂණාගාරයක් භාවිතා කර ඇතත් පර්යේෂණය සිදුකර ඇත්තේ නාසා ආයතනයේ කිසිදු සම්බන්ධතාවක් නොමැතිව හවායි විශ්වවිද්‍යාලය විසිනි.

නමුත් ශ්‍රී ලංකාවේ සියලු මාධ්‍ය මේ පර්යේෂණ පිළිබඳ දත්ත ප්‍රකාශයට පත්කළේ “සඳ මත ජලය ඇතැයි නාසා ආයතනය” කියයි යන සිරස්තලය භාවිතා කරමිනි.

ඒ අනුව මූලාශ්‍රය වැරදිවන අතර තොරතුරු ද අර්ධ සත්‍යයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!