spot_img
spot_imgspot_img

පාර්ලිමේන්තුවේ 225ට ම ඇති තරම් ඉන්ධන දෙයි

පුවත්

විදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාගේ රථවලට නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ ඉන්ධන පිරුවුම් හළෙන් අවශ්‍ය තෙල් ලබා දීමට තීරණය කර තිබේ.

මේ සඳහා කතානායකවරයා පොලිස්පතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා විෂය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට එ් පිළිබඳ දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වාහනයේ සිටින්නේ නම් පමණක් ඉන්ධන ලබාදිය යුතු බවත් අත්පිට මුදලට ඉන්ධන ලබාදෙන ලෙසත් පොලිස්පතිවරයා උපදෙස් දී තිබේ. මෙලෙස ඉන්ධන සඳහා මුදල් ලබාගැනීමට තෙල් සංස්ථාවේ නිලධාරියකු පොලිස් ප්‍රවාහන කොට්ටාසයේ ඉන්ධන හළට අනුයුක්ත කරන බව ද කංචන විජේසේකර බලශක්ති අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!