-2.1 C
New York

රාජ්‍ය සේවකයන්ට නිවස අසළ රැකියා ස්ථානයක් ලැබෙයි ? කාර්යාලයට යාමත් සීමා කරයි

Published:

රාජ්‍ය සේවකයන් රාජකාරී සඳහා කැඳවීම සීමා කරන්න යැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලෙකම්වරයා දැනුම් දී තිබේ.

දුර බැහැර සේවය කරන පුද්ගලයන් තමන්ගේ නිවාස ආසන්නයේ ම ඇති කාර්යාලවලට අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙස ද දැනුම් දී ඇත.

ඉන්ධන අර්බුදය හා විදුලි අර්බුදය හේතුවෙන් මෙවැනි දැනුම්දීමක් සිදුකර තිබේ.

එමගින් දැනුම් දී ඇත්තේ කාර්යාල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය කාර්ය මණ්ඩල පමණක් කැඳවන ලෙසයි. ඒ සඳහා ආයතන ප්‍රධානීන්ගේ අභිමතය අනුව කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස ද දන්වා ඇත.

Related articles

Recent articles

spot_img