spot_img
spot_imgspot_img

පරල වී සාස්තර කියන ඥාණක්කාගේ දේපළ වැනසුවා යැයි 08 දෙනකු අත්අඩංගුවට

පුවත්

විදෙස්

අනුරාධපුරයේ පදිංචි සාස්තරකාරියක වන ඥානක්කා නමැති සෞඛ්‍ය සේවයේ හිටපු කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවිකාවක දේවාලයක් යැයි කියාගන්නා ස්ථානයකට, හෝටලයකට හා නිවසකට අලාභහානි සිදුකරැයි සැකපිට පුද්ගලයන් 08 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පොලිසිය පවසන්නේ එම පුද්ගලයන් අත්අඩංගුවට ගත්තේ එම සාස්තරකාරියගේ නිවසින් සොරාගත් භාණ්ඩ තොගයක් ද සමගින් බවයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සාස්තර කීම යනු පරලවීම යන මානසික රෝගය බවත් එවැනි පුද්ගලයන් සමාජයට විශාල අහිතකර බලපෑමක් සිදුකරන බවත් මනෝ වෛද්‍යවරු කියති. ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දේශපාලන නායකයන්, හමුදා නායකයන්, රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් එම කාන්තාව හමුවීමට ගොස් විවිධ තීන්දු තීරණ ගන්නා බව ද අනුරාධපුරයේ පදිංචිකරුවෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!