spot_img
spot_imgspot_img

තත්ත්වය ඉතා භයානකයි. පරෙස්සම් වෙන්න.

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය පැතිරෙන ආකාරය ඉතාමත් බරපතල බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පවසන ආකාරයට ආරක්ෂා නොවුනහොත්  එය ඉතා භයානක තත්ත්වයක් දක්වා වර්ධනය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

මේ වනවිට ආසාදිතයන් 9,000කට ආසන්න වී තිබෙන බැවින් හිතනවාට වඩා තත්ත්වය බරපතල බව ද හෙතෙම කීවේය. වෛද්‍යවරයා එහි දී පෙන්වාදුන්නේ අද (27) වාර්තා වූ මරණ තුනෙන් දෙකක් ම හදිසි මරණ බවයි. මරණය සිදුවීමෙන් පසු කරන ලද පරීක්ෂණවලින් ඔවුන් කොරෝනා ආසාදිත වූවන් යැයි තහවරු වූ බවත් පවසන වෛද්‍ය බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේ ඉන් එක් අයකු වයස අවුරුදු 19ක් වූ තරුණ දරුවකු වීම ද ගැටලු සහගත බවයි.

කොරෝනාවලින් වැඩිම බලපෑම ඇත්ත් වැඩිහිටියන්ට බව කීව ද තරුණ බාල මහළු සියලු දෙනාට එහි බලපෑම අඩු වැඩි වශයෙන් ඇතිවන බව පර්යේෂණවලින් තහවුරු වී තිබේ. වෛද්‍ය බණ්ඩාර මහතා කියා සිටියේ ඇමෙරිකාව වැනි රටවල තරුණයන් හා ළමුන් ද විශාල ලෙස මියගිය අතර මේ ආරම්භ වන්නේ එවැනි තත්ත්වයක් ද යන්න ගැන අවධානය යොමු කිරීම අවශ්‍ය බවයි.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරටත් මෙසේ සදහන් කළේය.

“දැන් අපි ඉතාමත් භායානක තත්ත්වකට ගමන් කර සිටිනවා. පසුගිය දින කිහිපයේ මරණ 06 ක් සිදු වුණා. කොරෝනා වයිරසය මාරාන්තිකයි. එයට වයස අදාල නැති බව තහවුරු වී තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවා ප්‍රකාශ කළා ඔවුන්ට ආසාදිතයන් හඹායාම ඉතා අපහසු බව. මේ වනවිට මිනුවන්ගොඩ හා පෑලියගොඩ යන ප්‍රදේශවලින් ආරම්භ වූ මේ කොරෝනා රැල්ල රටපුරාම විවිධ ප්‍රදේශවලින් වාර්තා වනවා. රෝගීන් සමාජයෙන් වාර්තාවීම ඉඩක් තිබෙන නිසා මේ භයානක තත්ත්වය අපි තේරුම්ගත යුතුයි. මේ අවධානම තේරුම්ගෙන අපි කටයුතු කළොත් අපට නැවත වසංගතය කළමනාකරණය කරගත හැකියි.”

වෛද්‍යවරයා පවසන්නේ රෝගීන් වැඩිපුර වාර්තාවන ප්‍රදේශවල නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලබන්නේ රෝගය පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙස බවයි. එබැවින් සංචරණයේ නෙයෙදී එම ප්‍රදේශවල රෝග පාලනය හැකිතාක් සහයෝගය දෙන ලෙස ද වෛද්‍යවරයා ඉල්ලා සිටියි.

ඔහු මෙසේ ද කීවේය.

“ ඔබ අනිවාර්යයෙන් ම සෞඛ්‍ය නීති පිළිපැදිය යුතුයි. ඒ වගේම මේ වෙලාවේ අත්‍යාවශ්‍ය නොවන ගමන් සියල්ල අතහැරලා නිවසට ම වී සිටීම අවශ්‍ය වෙනවා. ජනතාවගෙන් ඒ සහයෝගය ලැබුණොත් අපිට කොරෝනා වසංගතය පාලනය කරගන්න පුළුවන්. “

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසන්නේ නිවසෙන් බැහැරව ගොස් සමාජයෙන් තම නිවසට කොරෝනා රැගෙන නොපැමිණෙන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!