spot_img
spot_imgspot_img

විදෙස් තරුණියක් මත්කර, අතවර කළැයි තිදෙනෙක් අත්අඩංගුවට

පුවත්

විදෙස්

මියන්මාර ජාතික තරුණියකට මත්වන පානයක් ලබා දී අතවර කළැයි සැකපිට බෙන්තොට අවන්හළක හිමිකරු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 40ක, 28ක සහ 23ක පුද්ගලයන් තිදෙනෙකි.

බෙන්තොට සුප්‍රසිද්ධ හෝටලයක නැවතීමට පැමිණි මියන්මාර ජාතික 26 හැවිරිදි තරුණික් මෙලෙස අතවරයට ලක්ව තිබේ. ඇය පසුගිය අප්‍රේල් 31 වැනි දා සිය මිතුරියක ද සමඟ ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රදේශ රැසක සංචාරය කිරීමෙන් අනතුරුව බෙන්තොටට පැමිණ තිබේ

එසේ පැමිණ හෝටලයේ නැවතී සිටිය දී පසුගිය 14 වැනි දා ඒ ආසන්නයේ පිහිටි අවන්හළකට ගොස් මිශ්‍ර පානයක් (Cocktail) ඇණවුම් කර තිබේ.

පොලිසිය පවසන්නේ එම පානයට කිසියම් මත්ද්‍රව්‍යයක් මුසුකර එම තරුණියන් දෙදෙනා මත්කර එක් තරුණියකට අතවර කර ඇති බවයි.

තරුණියන් දෙදෙනා පොලිසියට පවසා ඇත්තේ එම මිශ්‍ර පානය ගැනීමෙන් පසු අසාමාන්‍ය මත් ගතියක් ඇති වූ බවයි. කෙසේ හෝ එක් තරුණියක් තමන් නැවතී සිටි හෝටලයට ගොස් ඇති අතර ඇය පියවි තත්වයට පත්වීමෙන් පසු තම මිතුරිය නොමැති බව දැන ඒ බව හෝටල් කළමනාකාරීත්වයට දැනුම් දී බෙන්තොට පොලිසියට ද පැමිණිලි කර තිබිණි.

මේ අතර අතවරයට පත්වූවා යැයි කියන තරුණිය ද පොලිසියට පැමිණ ඇත. පොලිසිය පවසන්නේ ඇය බලපිටිය රෝහලට යොමු කළ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!