spot_img
spot_imgspot_img

“රටේ පෙට්‍රල් තොග හෙටින් ඉවරයි” තෙල්, ගෑස් අර්බුදය ගැන අගමැති කියූ කතාව

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ පෙට්‍රල් ඇත්තේ තවත් එක් දිනකට පමණක් බව අගමැති රනිල් වික්‍රමසිංහ අද (16) සවස විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

ඊයේ (15) වනවිට ඩීසල් නැවකින් තෙල් ගොඩ බෑම සිදුකළ බැවින් යම් සහනයක් ඇති බවත් යළි පෙට්‍රල් නැවක් පැමිණෙන්නේ මැයි මස 18 සහ 29 දින දෙකේ දී බවත් අගමැතිවරයා කීවේය.

එමෙන් ම නැවත ඩීසල් නැවක් පැමිණීමට නියමිතව ඇත්තේ මැයි 19 වැනි දා සහ ජුනි 01 වැනි දා බව ද අගමැතිවරයා කීවේය.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාව දැඩි ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටින බවත් මේ ඉතිහාසයේ දරුණුතම දින කිහිපය ඉදිරි සති දෙකේ දී ශ්‍රී ලංකාවේ වැසියන්ට ගතකිරීමට සිදුවන බවත් අගමැතිවරයා සිය කතාවේ දී පෙන්වා දුන්නේය.

“දින 40කට වැඩි කාලයක් පෙට්‍රල්, බොරතෙල් සහ දැවිතෙල් නැව් 03ක් වරායෙන් පිටත නවතා තිබෙනවා. මේ නැ‍ව් මිල දී ගැනීමට මුදල් නෑ, ඒ සඳහා විවෘත වෙළෙඳ පොළෙන් ඩොලර් ගැනීමට සිදුවනවා.

විදුලි අවශ්‍යථාවේන 25% ඉන්ධන මේ නිසා දෛනික විදුලි කප්පාදුව පැය 15ක් වීමටත් ඉඩ තිබුණා මුදල් සොයාගනෙ තිබෙනවා. ගෑස් ලබාදීමට මිලින 20ක් ඉක්මණින් සොයාගත යුතුය

භූමතෙල් දැවිතෙල් ඉතාමත් භායනක තත්වයක්

මහ බැංකුව දේශීය රාජ්‍ය පුද්ගලික බැංකු වේද්ශ බංකු ඩොලර් නැතිව මුහුණ දීලා ඉතා කුඩා අගයක් ගන්නාව.

නමුත් මේ සියලු දුෂ්කරතා හමුවේ අපි ඩීසල් නැවක් ගත්තා අද ඩීසල් ලබාගන්නට පුළුවන් ඉන්දියාවේ සහයෝගය ලැබුණා අගහරුවාදා ගෑස් නැවට මුදල් ගෙවනවා.

ගෑස් ප්‍රශ්නයට විසඳුමක් ලෙස අපි හෙට නැවකට සල්ලි ගෙවා ගෑස් මිලදී ගැනීමට කටයුතු කර තිබෙනවා.

‍ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71.19ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55ක්, සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 136.31ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.31ක් පාඩු ලබනවා. මේ පාඩුව තෙල් සංස්ථාවට දරාගන්න බෑ.

විදුලි බල මණ්ඩලය විදුලි ඒකකයක් රුපියල් 17.00ට ජනතාවට දුන්නත් ඒකකයක් නිෂ්පාදනයට රුපියල් 48.00ක් වැය කරනවා. රුපියල් 30.00ක් පමණ පාඩුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!