spot_img
spot_imgspot_img

බැසිල්ගේ අයවැය නැති ආදායම් පෙන්නලා රටම රැවටූ බොරුවක් ?

පුවත්

විදෙස්

බැසිල් රාජපක්ෂ හිටපු මුදල් ඇමතිවරයා 2022 වර්ෂය සඳහා වැරදි සංඛ්‍යාලේඛන මත අයවැය වාර්තාව ඉදිරිපත් කර ඇති බව අද (16) රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් කරන ලද විශේෂ ප්‍රකාශයෙන් අනාවරණය විය.

2022 දී බැසිල් රාජපක්ෂ අයවැය ඉදිරිපත් කරද්දී රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,200ක් ඇති බව පෙන්වා තිබේ. නමුත් සැබෑ ආදායම රුපියල් බිලියන 1,300කි. මෙලෙස රාජ්‍ය ආදායම අඩුවෙන් පෙන්වුව ද එම අයවැයෙන් පෙන්වා තිබූ රාජ්‍ය වියදම් රුපියල් බිලියන 3,300කි. ඒ අනුව රාජ්‍ය වියදම් සඳහා පමණක් සැබෑ අයවැය හිගය බිලියන ‍2,000ක් වෙයි

අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ ‍පොළී අනුපාත වැඩිවීම සහ අතිරේක වියදම් හේතුවෙන් මේ වනවිට රාජ්‍ය වියදම රුපියල් බිලියන 4,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව අයවැය හිඟය බිලියන 2,700කි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 13%ක් වැනි විශාල අගයක් ගනී.

මේ අනුව වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ව්‍යාජ අයවැයක් විසින් රට වඩාත් අසීරුතාවකට පත්කර ඇතැයි දේශපාලන විචාරකයෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!