spot_img
spot_imgspot_img

මහින්දගේ බලු කුක්කා සොයාගත් පොලිසියට, ගෝල්ෆේස් ගිය මැරයන් නොපෙනෙයි

පුවත්

විදෙස්

මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාගේ පවුලට අයත්බව කියන වීරකැටියේ කාල්ටන් වත්තේ සිටි බලුපැටියකු හොරකම් කළ බව කියන තරුණිය අත්අඩංගුවට ගත් බවත් ඇය අද (16) අධිකරණයට ඉදිරිපත් කරන බවත් ශ්‍රී ලංකා පොලිසිය කියයි.

එම තරුණිය පවසා ඇත්තේ තම නිවස ඉදිරිපිට සිටි බලුපැටියා තමන් නිවසට රැගෙන ආ බවයි.

නමුත් පොලිසිය පවසන්නේ කාල්ටන් වත්තේ සිටින ආරක්ෂක නිලධාරීන් අදාල තරුණිය පොලිසියට යොමු කළ බවයි.

තරුණියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

අරලියගහ මන්දිරයේ දී පසුගිිය (09) වැනි දා එදා හිටපු අගමැති  මහින්ද රාජපක්ෂ විසින් කරන ලද උද්‍වේගකර කතාවකින් පසු එහි සිටි පිරිස් ගොස් මයිනාගෝගමට සහ ගෝඨගෝ ගමට අමානුෂික ලෙස පහරදුන්හ.

මේ මැරයන් හොඳින් හඳුනාගගත හැකි ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙන්ම ජාතික තලයේ මාධ්‍ය ආයතනවලින් ද පුන පුනා ප්‍රචාරය කෙරිණි. අමාත්‍යාංශ ලේකම්වරයකු, ප්‍රාදේශීය දේශපාලනඥයන්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, වෘත්තීය පුහුණු අධිකාරියේ නිලධාරීන් පවා එහි සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ.

නමුත් පොලිසිය ඊයේ (15) සවස දක්වාම අත්අඩංගුවට ගෙන තිබුණේ මොරටුව නගර සභාවේ සේවකයකු පමණි.

මැර පිරිස සම්බන්ධයෙන් ර‍ට පුරාම ඡායාරූප ප්‍රදර්ශනය වෙද්දී ඔවුන් හඳුනාගැනීමට ජනතා සහය පතන ශ්‍රී ලංකා පොලිසිය මහින්ද රාජපක්ෂගේ බලු පැටියා නම් කඩිනමින් සොයාගැනීමටම සමත්ව සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!