spot_img
spot_imgspot_img

මන්ත්‍රී නිවස ගිනි තැබුවායැයි අත්අඩංගුවට ගත් බෞද්ධ භික්ෂුවට ඇප දෙයි

පුවත්

විදෙස්

මන්ත්‍රීවරියකට සහ ඇගේ සහෝදරියකට අයත් නිවාස ගිනි තබා අලාභහානි කිරීමේ සිද්ධියට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් බෞද්ධ භික්ෂුවක් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ජයසේකර රණසිංහ ප්‍රේමදාස ඊයේ (15) නියෝග කළේය.

මෙලෙස මුදාහරින ලද්දේ ගිරිඋල්ලගම ශෛලාරාම විහාරාධිපති අතුබොදේ ධම්මකිත්ති හිමියන්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන ට අයත්ව තිබූ ලෝලුවාගොඩ පිහිටි නිසට සහ ඇගේ සහෝදරයාගේ නිවසට ගිනි තබා අලාභහානි සිදුකළැයි සැකපිට එම හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත්කරමින් කියා ඇත්තේ මෙම අපරාධයට සහභාගී වූ විශාල පිරිස අතර සැකකාර බෞද්ධ භික්ෂුව ද සිටි බවයි. එම අවස්ථාවේව පොලිසිය කළහකාරී පිරිස් මැඩලීමට දැඩි උත්සාහයක් ගත් බවත් ඒ අවස්ථාවේව සැකකාර හිමියන් ද විනාශය නැවැත්වීම උත්සාහ ගන්නා ආකාරයක් මූලික පරීක්ෂණවල දී හෙළිවූ බවත් පොලිසිය පවසයි.

නමුත්, පරික්ෂණවලින් හෙළි වූයේ සැකකාර හිමියන් එම පිරිස මෙහෙයවූ බව හෙළි වූ බැවින් අත්අඩංගුවට ගත් බවයි.

මෙහි දී සැකකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් කස්තුරිරත්න කියා සිටියේ පොලිසිය පරස්පරවිරෝධී කරුණු පවසන බවයි. මූලික පරීක්ෂණවලින් හිමියන් තත්වය පාලනය කිරීමට කටයුතු කළ බව හෙළි වූවායැයි කියන පොලිසිය පසුව ගිනි තැබීම මෙහෙයවූවා යැයි කීම පිළිගත නොහැකි බව ද නීතිඥවරයා අධිකරණයට කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!