spot_img
spot_imgspot_img

ලේකම්ගේ නිල රථය, දියණිය පදවා අනතුරක් කරලා

පුවත්

විදෙස්

නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍යාංශ්‍ය ලේකම්වරියකට ලබා දී ඇති නිල රථය ඇගේ දියණිය විසින් පදවාගෙන ගොස් අනතුරක් කර ඇතැයි වාර්තා වේ.

පළාත් මුදල්, ක්‍රම සම්පාදන අමාත්‍යාංශ ලේකම්වරියට දී ඇති නිල රථය මෙලස අනතුරට ලක්ව ඇත. ඒ සම්බන්ධයෙන් රක්ෂණ වන්දි මුදල් ගැනීමට යාමේ දී මේ කරුණු අනාවරණය වී තිබේ.

ලේකම්වරියගේ දියණිය එම රථයේ නිල රියදුරා නොවේ. විධායක ශ්‍රේණියේ නිලධාරියකුට රජයෙන් ලබා දෙන නිලරථයක් එම රථයට අනුයුක්ත කර ඇති රියදුරාට හෝ රියදුරා නිවාඩු අවස්ථාවක දී ආයතනයේ වෙනත් රියදුරකු හෝ පූර්ව ලිඛිත අවසරයකින් අදාල විධායක නිලධාරියාට හෝ පදවාගෙන යාමේ අවසරය හිමිවෙයි. නමුත් නිලධාරීන්ගේ ඥාතීන්ට එවැනි නිල රථයක් පදවාගෙන යාමට අවසරයක් නැත.

මේ වනවිට අනාවරණය වී ඇත්තේ පසුගිය අප්‍රේල් මස 16 වැනි දා මඩකලපුවේ පෞද්ගලික ගමනයක් යාම සඳහා ලේකම්වරියගේ දියණිය මෙම රථය පදවාගෙන ගොස් ඇති බවයි. එසේ යමින් සිටිය දී පිටුපසින් ආ රථයක් එහි ගැටී ඇත. එම දියණියට වලංගු රිය පැදවූමේ බලපත්‍රයක් ඇතත් රිය පැදවීම සඳහා අමාත්‍යාංශයෙන් අනුමැතියක් නැත.

අනතුර හේතුවෙන් රථයට සිදු වූ හානිය තක්සේරු කර ඇති අතර එය රුපියල් ලක්ෂ 17ක මුදලකි. එම මුදල පියවා ගැනීම සඳහා රක්ෂණ සමාගමට ලේඛන ඉදිරිපත් කිරීමේ දී ලේකම්වරියගේ දියණිය රියදුරා ලෙස දක්වා තිබීම හේතුවෙන් රක්ෂණ සමාගම පළාත් සභාවට කාන්තා රියදුරන් බඳවාගන්නේ ද යන්න විමසා ඇත.

මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම් කලාමදි පත්මරාජගෙන් විමසූ විට ඇය කියා සිටියේ අනතුර සිදුවන අවස්ථාවේ දී රියදුරා විසින් රථය පදවමින් සිටි බවයි. ඇගේ දියණිය රථන පදවා නැති බවත් ඇය පවසයි.

පළාත් ප්‍රධානන ලේකම් තුසිත පී.වනිගසිංහගෙන් මේ ගැන විමසූ විට ඔහු පවසන්නේ මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා වී ඇති බැවින් ඒ ගැන තොරතුරු සොයා බලන බවයි.

රිය අනතුර සම්බන්ධයෙන් මෙතෙක් විධිමත් පරීක්ෂණයක් සිදුව නැත.

(අමදෝරු අමරජීව)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!