spot_img
spot_imgspot_img

“ගාලු මුවදොරට ආ මැරයන් නවත්වන්න එපා, යැයි මට උපදෙස් ලැබුණා” ‍දේශබන්දු කියයි

පුවත්

විදෙස්

ගාලු මුවදොර ගෝඨාගෝගම පරිශ්‍රයට කලහකාරී පිරිස් පැමිණීම වළක්වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණ ද අවසන් මොහොතේ තමන්ට වඩා ඉහළ බලධාරීන් දෙදෙනකු  ජනාධිපතිවරයා කුමන උපදෙස් දුන්න ද එය වළක්වන්නට පඑා යැයි තමන්ට සහ එහි සිටි තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට දැනුම් දුන් බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මානව හිමිකම් කොමිසම හමුවේ කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පසුගිය 09 වැනි දා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දෙමිනි.

ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව තමන් අවශ්‍ය පරිදි පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකාය කැඳවා තිබූ බවත්, ජල ප්‍රහාරක රථ දෙකක් සහ කදුළු ගෑස් එල්ලකරනු ලබන නිලධාරීන් ද ගාලු මුවදොර පිටියට කැඳවා තිබූ බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

එහෙත් අවසන් මොහොතේ ඉහළ බලධාරීන් දෙදෙනකගෙන් වෙනස් උපදෙසක් ලැබීම හේතුවෙන් එම බලධාරීන්ට තමන් ලබාදුන් ප්‍රතිචාරය එතැන සිටි පොලිස් නිලධාරීන් හොඳින්ම දන්නා බව ද නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් පවසා ඇත.

මේ සමඟ කළහකාරී පරිස් බලහත්කාරයෙන් පොලිස් නිලධාරීන් ඉවත්  කරමින් ගාලුමුවදොර පිටියට ඇතුළු බවත්, තමා ජනාධිපතිවරයාට තත්වය පවසා අදාළ බලධාරීන් දෙදෙනා බලපෑම් කළා යැයි ප්‍රකාශ කළ බවත් ඔහු කියා ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට පවසා ඇත්තේ ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව කටයුතු කළේ නම් එදින සිදුවූ විනාහ්‍ය වළක්වාගත හැකිව තිබූ බවයි.

මීට අදාළ ලේඛන ද දේශබන්දු තෙන්නකෝන් විසින් මානව හිමිමක් කොමිසමට ඉදිරිපත් කර තිබේ. එමෙන් ම එදින එම ප්‍රහාරය වැළැක්වීමට තමන් සැළසුම් කර තිබූ ආකාරය පිළිබඳ ඕනෑම ජ්‍යෙෂ්ඨ හෝ කණිෂ්ඨ පොලිස් නිලධාරියකු ගෙන්වා විමසන ලෙස ද ඔහු ඉල්ලීමක් කර ඇත.

1 COMMENT

  1. ඒ ඉහළ බලධාරීන් දෙදෙනා කවුද? ඔවුන් කොමිසමට කැඳවන බව දැනුම් දීලාද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!