spot_img
spot_imgspot_img

කරාපිටිය රෝහලේ කොරෝනා එන්නත් කුප්පිවලින් ‍දාගැබක් ඉදිකරයි (වීඩියෝ සහිතයි)

පුවත්

විදෙස්

සයිනොෆාම් එන්නතේ හිස් කුප්පි 3,750ක් පමණ යොදා ගනිමින් වෙසක් උත්සවය වෙනුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ චෛත්‍ය අනුරුවක් ඉදිකර තිබේ.

එය මේ වනවිට රෝහල් පරිශ්‍රයේ වෙසක් උත්සවය වෙනුවෙන් ප්‍රදර්ශනයට තබා තිබේ.

කරාපිටිය ශික්ෂණ රෝහලේ ජෛව වෛද්‍ය ඉංජිනේරු අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම නිර්මාණය කර ඇති අතර ඒ සඳහා මාස එකහමාරක පමණ කාලයක් ගත වී ඇත.

මෙම චෛත්‍ය අනුරුවේ පාදම වට අඩි දහයකි. උස අඩි තුනකි. කෙටස් දෙකකින් කැරකැවෙන පරිදි එය නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. චෛත්‍ය වටා වාළුකා බැම්මක ආකෘතියක් ද එන්නත් කුප්පි යොදා ගනිමින් ඉදිකර ත‍ිබේ.

ජෛව වෛද්‍ය ඉංජිනේරු අංශයේ සේවය කරන දමිත් මෙන්ඩිස්ගේ අදහසක් අනුව මේ නිර්මාණය සිදු වූ අතර මීට පෙර දමිත් මෙන්ඩිස් ගාල්ල දඩැල්ල දඩල්ලේ පරිවාරා කූඩු  200 කින් පමණ සමන්විත දැවැන්ත කැරකෙන කූඩුවක් ද නිර්මාණය කර තිබේ. ඔහු එවැනි දැවැන්ත වෙසක් කූඩු 18 වතාවක් පමණ නිර්මාණ්‍ය කර ඇති බව පවසයි.

මීට පෙර පසුගිය වෙසක් පොහොය  දී  ඔහු විසින් ඉතාමත්ම කුඩා කැරකෙන පැටවූ 25ක් සහිත කූඩුවක් අඟල්  අටක් තරම් වූ පැතලි අඩි ප්ලාස්කුවක් තුළ නිර්මාණය කර කරාපිටිය රෝහල් පරිශ්‍රයෙහි  ප්‍රදර්ශනයට තබා තිබුණි .

වෙසක් සතිය නිමිත්තෙන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සහ රෝගීන් බැලීමට පැමිණෙන පුද්ගලයින් වෙනුවෙන් මෙම නිර්මාණය ප්‍රදර්ශනය කිරීමට  කටයුතු යොදා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!