spot_img
spot_imgspot_img

සුදුවත හැඳි මැරයා නිදැල්ලේ. පොලිසිය නිහඬයි

පුවත්

විදෙස්

ගෝඨාගෝ ගම අරගල බිමට පැමිණි පසුගිය 09 වැනි දා අරගලකරුවන්ගේ හිසට ‍යකඩ පොල්ලකින් පහරදුන්, සුදු ඇඳුමකින් සැරසී සිටි මැරයා අල්ලා ගැනීමට පොලිසිය තවමත් සමත් වී නැත.

මිරිහානේ දී ‍හමුදා බස් රථයක් අනවසරයෙන් පන ගන්වා එය වෙනත් තැනකට ගෙනගොස් ගිනි තබා විනාශ කිරීමට ආධාර අනුබල දුන් පුද්ගලයා ද ඔහු යැයි බරපතල සැකයක් පවතින බව අරගලයේ සිටින සමාජ ක්‍රියාකාරිකයන් පවසයි. එමෙන් ම පසුගිය දා පාර්ලිමේන්තු පරිශ්‍රය අසළ දී අරගලකරුවන්ට බැණ වැදුණා යැයි ද ඔහුට චෝදනා එල්ල වී ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොලිසිය අද ප්‍රකාශ කර තිබුණේ පසුගිය 09 වැනිදා මැර ප්‍රහාරයට සම්බන්ධ වූ අය අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු සපයන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!