-0.4 C
New York

ගාල්ල පොලිසිය කොරෝනා මර්ධන සටනේ

Published:

කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වෙමින් දෛනික කටයුතු ඉටුකරගැනීමේදී සෞඛ්‍ය රීති අනුගමනය කිරීමේ වැදගත්කම සම්බන්දව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ගාල්ල පොලිසියේ පොලිස් පරිසර ඒකකය විසින් ගාල්ල නගරයේ දී අද (27) පවත්වන ලදී.

“මීටරෙන් ජීවිතේ”  යනුවෙන් සඳහන් කළ ස්ටිකර්, බස් රථ ද ඇතුළුව නගරයේ ජනතාව බහුලව ගැවසෙන ස්ථාන වල ඇලවීම ද මෙහිදී සිදුකෙරිණ.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විකුම් ගිනිගේ සහ ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා ගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

මීට අමතරව පසුගිය දින කිහිපයක දී ම කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව ද ගාල්ලේ ව්‍යාපාරික ස්ථානවල හිමිකරුවන් සහ සේවක සේවිකාවන් දැනුම්වත් කිරීම ද පොලිස් නිලධාරීන් විසින් සිදුකරනු ලැබීය. දෛනික අවශ්‍යතා සඳහා ව්‍යාපාරික ස්ථානවලට පැමිණෙන පුද්ගලයන්ගේ තොරතුරු තබාගැනීමේ වැදගත්කම පිළිබඳව එහිදී විශේෂයෙන් දැනුම්වත් කෙරිණි.

මේ පිළිබඳ ගාල්ල මූලස්ථාන පොලිස් පරික්ෂක වරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“ගාල්ල නගරයට ඉතා විශාල පිරිසක් රැකියා සහ වෙනත් සේවා අවශ්‍යතා සඳහා දෛනිකව පැමිණෙනවා. නමුත් ගාල්ලෙන් මේ දක්වාම බරපතල තත්ත්වයක් වාර්තා වී නොමැතිවීම අපි හැමෝටම සතුටට කරුණක්. මේ තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යමින් හැම කෙනෙක්ම විශේෂයනේම නගරයේ පදිංචිකරුවන්, ව්‍යාපාරිකයන් වගේම දෛනික සංක්‍රමණිකයන් සියලු දෙනා ආරක්ෂාවීම වැදගත් වෙනවා. ඒ නිසා අපි පසුගිය දින කිහිපයේම දැනුම්වත් කිරීමේ වැඩසටහන් සිදුකළා.”

සටහන සහ ඡායාරූප – සාහිත ගම්මන්පිල

Related articles

Recent articles

spot_img