spot_img
spot_imgspot_img

පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලාගෙන, රෝගීන් රකින සෞඛ්‍ය අමාත්‍යාංශය. ඖෂධ සහ උපකරණ නෑ

පුවත්

විදෙස්

හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අත්‍යාවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ සහ උපකරණ හිගයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පත්කළ කමිටුව ඊයේ (14) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී හමු වූ අවස්ථාවේ දී මේ බ අනාවරණය වී තිබේ.

ඖෂධ සහ උපකරණ සපයන සැපයුම්කරුවන්ට මාස 04කින් ගෙවීම් කර නැති බවත් ඒ හේතුවෙවන් විදෙස් සමාගම් ශ්‍රී ලංකාව අසාදු ලේඛන ගත කරමින් සිටින බවත් ප්‍රකාශ කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පවසන පරිදි පසුගිය අප්‍රේල් මාසයෙන් පසු මෙරටට කිසිදු ඖෂධයක් හෝ උපකරණයක් ගෙන්වා නැත. අවශ්‍යතා සපුරාගන්නේ විදේශ රටවල සිටින පරිත්‍යාගශීලීන්ගෙනි.

ඖෂධ ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කර ඇතත් ඩොලර් හිඟය හේතුවෙන් සහ ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ආනයනය කළ නොහැකි තත්වයට පත්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!