කොළඹ ගාලුමුවදොර පිටියේ ගෝඨාගෝ ගම අරගල භූමිය වෙසක් සැරසිළිවලින් අලංකාර වෙමින් පවති.
අද (15) දිනට යෙදී ඇති වෙසක් පුන් පොහෝ දිනයේ අරගල භූමියට පැමිණෙන සියලු දෙනාම ජාති, ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව ජාතික උත්සවයක් වූ වෙසක් සැමරීමට දායක වෙති.
2019 වර්ෂයේ නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මෙරට ජනාධිපතිවරයා වූ පසු එළැඹි 2020 සහ 2021 වර්ෂවල කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට වෙසක් සැමරීමට අවස්ථාවක් ලැබුණේ නැත.
නමුත් මෙවර එදා ජනාධිපතිධූරයට පත් ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බලකරමින් පවත්වාගෙන යන ගෝඨාගෝ ගම පරිශ්‍රයේ දී වෙසක් සැමරේ
ඡායාරූප – කසුන් පුස්සවෙල Facebook Profile එකෙනි

