spot_img
spot_imgspot_img

ගෝඨාගෝ ගමට, වැඩක් දෙන්න රනිල්ගේ සූදානම. ඉදිරි සති කිහිපය භයානකයි

පුවත්

විදෙස්

ගෝඨගෝ ගම අරගලකරුවන් රටේ දේශපාලනයට, පාර්ලිමේන්තුවට සහ පාලන යාන්ත්‍රණයට සම්බන්ධ කරගත යුතු බවත් ඔවුන්ගේ තරුණ හඬට ඉඩක් දිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අද (14) විශේෂ ප්‍රකාශ්‍යක් කරමින් කියා සිටියේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති කියා සිටියේ ඉදිරි සති කිහිපය ඉතාමත් අසීරු කාලයක් වනු ඇති බවයි.

අගමැතිවරයා කළ සම්පූර්ණ කතාව පහතින් සඳහන් කර ඇත.

මිත්‍ර රටවල තානාපතිවරු සහ අනෙකුත් නියෝජිතයන් සමඟ මම සාකච්ඡා කළා. ප්‍රතිචාරය හොඳයි. නමුත් අපිට සිදුවෙනවා ඒ රටවල් සමඟ තවදුරටත් සාකච්ඡා කරලා අපේ වැඩපිළිවෙල දැනුම් දෙන්න.

ඉන්දියාව වගේ රටවල් එක්ක දැනටමත් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ කටයුතු අවසන් කරන්න මාස දෙකක් තුනක් යාවි. ඊට පස්සේ අපේ මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන අනාගතය සුබ අතට හැරෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟත් ඒ සාකච්ඡා අරම්භ කරලා තියෙනවා.

නමුත් ඉදිරි සති කිහිපයේ දී තමයි අපිට අමාරුකම්වලට මුහුණ දෙන්න තියෙන්නේ. ඊයේත් අදත් අපේ ආර්ථික තත්වය, පොහොර තත්වය, ඉන්ධන තත්වය වගේ හැම දෙයක් ගැනම සමාලෝචනය කළා. ඒ සමාලෝච‍නයෙන් පෙනෙන්නේ අපි මේ තත්වයට සූදානමක නොසිටි නිසා අපිට තව ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවන බව.

ඇත්ත වශයෙන් ම ඊළඟ සති කිහිපයේ තමයි අපිට අමාරුම කාලය එළඹෙන්නේ. ඒ ගැන මම හෙට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මට විශ්වාසයක් තියෙනවා අපි මේ ගමන එකට ගිහින් මේ ආර්ථික හානියෙන් ගොඩ එන්න පුළුවන් කියලා.

විශේෂයෙන් ම මේ රටේ අද ඇතිවෙලා තියෙන ආර්ථික අර්බුදය නිසා තරුණ හඬක් ඇතිවෙලා තියෙනවා. ඒ තරුණයන් කියන්නේ අපිට වෙනසක් ඕන කියලා. ඉදිරියට යන්න ඕන කියලා. මේ තරුණ හඩේ සංකේතය තමයි ගෝටාගෝ ගම. අන්න ඒ ප්‍රදේශය ගැන මම පියවර කිහිපයක් අරගෙන තියෙනවා. මම කියල තියෙන්නේ අපි ගෝඨාගෝ ගම ඉවත් කරන්නේ නැහැ කියලා. මේක අපි ආරක්ෂා කරනවා. මම ඒක ඉදිරියට ගෙන යන්න රුවන් විජේවර්ධන හිටපු ඇමතිතුමා පත්කළා. ඔහුත් නගර සභාවේ උදව් සඳහා නගරාධිපතිනියත්, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයකුත්, සෞඛ්‍ය ආරක්ෂා කරන්න සෞඛ්‍ය නියෝජිත‍යෙක්, පොලිසියේ නියෝජිතයෙක් සහ හමුදාවේ නියෝජිතයෙක් සහිත කමිටුවක් පත්කළා. අපි මේ සියලු දෙනා එක්ක සාකච්ඡා කරලා වුවමනා පියවර ගන්න, ප්‍රදේශය ආරක්ෂා කරන්න සහ වුවමනා මූලික දේවල් සපයා දෙන්න. මේ ගෝඨා ගෝ ගම පාලනය කරන්න ඕන එතන ඉන්න ඒ කණ්ඩායම. අපි නෙවෙයි. ඒකට අපි සහය දෙන්න ඕනෑ. ඒ එක්කම අපි තවත් කණ්ඩායමක් පත්කරලා තියෙනවා ගෝඨා ගෝ ගමේ අපේ යෝජනා ඉදිරිපපත් කරලා තරුණ හඬ කොහොමද ආණ්ඩුවට එකතු කරගන්නේ, පාර්ලිමේන්තුවට එකතු කරගන්නේ, කොහොමද ඒවා ක්‍රියාත්මක කරන්නේ. ඒ අයත් යෝජනා අටක් එවලා තියෙනවා. අපි ඒවා සාකච්ඡා කරන්න කැමතියි. ඒකට වෙනම වෙබ් අඩවියක් සකස් කර තිබෙනවා.  අපි මේ තරුණ හඬ සමග වුවමනා වෙනස්කම් ඇතිකරන්න ඕන. ඒ වගේම ගෙනියන උද්ඝෝෂණයට කවුරුවත් හානි කරන්නේ නැහැ කියලත් මම කියන්න කැමතියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!